ජුනි මස 9 සහ 10 යන දෙදින තුළ කොළඹ කොටුවේ සහ තලංගම ප්‍රදේශවල කලහකාරී ලෙස හැසිරුණු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ(17) පොලිසියට නියෝග කරනු ලැබීය.
පොලිස් මාධ්‍යය ප්‍රකාශක කොට්ඨාශය නිකුත් කළ මාධ්‍යය නිවේදනයකට අනුව , සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ශ්‍රී ලාංකික යූ ටියුබ්කරුවෙකුද වන රතිඳු සේනාරත්න නොහොත් ‘රැට්ටා’, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ‘යෞවනය වෙනසක් සඳහා’ තරුණ සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර ද සැකකරුවන් ලෙස නම් කර ඇත. මොවුන් තිදෙනාට අමතරව ටෙලි නාට්‍යය නළුවන් වන ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි යන අයද අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන අයද වේ. බෞද්ධ භික්ෂූන් වහන්සේලා වන රත්කරව්වේ ජිනරතන හිමි සහ ගල්වැව සිරිධම්ම හිමියෝද අධිකරණය විසින් අත් අඩංගුවට ගත යුතු යැයි නම් කරන ලද පිරිස අතර වන බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.
සාපරාධී බලහත්කාරය, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, නීති විරෝධී රැස්වීම්වල කොටස්කරුවන් වීම, තුවාල සිදුකිරීම, පොදු දේපළවලට අලාභ හානි සිදුකිරීම සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
නඩුව ජුලි 05 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...