සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (16) පැවැති සාකච්ඡාවකදී ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ ලැබුණු මුදල් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට තීරණය විය.
මෙම ක්‍රියාව මගින් ඉදිරියේදී මතුවිය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත්, සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරීමටත් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ඉන්දියානු ණය ආධාර වැඩසටහන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා, හිටපු අමාත්‍ය සාගල රත්නායක මහත්වරු ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර ඊයේ(16) කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය.
එම නෞකාවේ ඉන්ධන පිළිබඳ පරීක්ෂාවෙන් පසුව කඩිනමින් ඩිසල් ගොඩබෑම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...