දේශීය පුවත්

දේශීය හා විදේශීය ආයෝජකයින්ට කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්ත ක්ෂේත්‍රයේ අවස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

දිගු කාලීන නීති රීති ආයෝජනයට බරපතල බාධාවක් බවද ජනාධිපතිවරයා පැවසීය. ආයෝජන දිරිගැන්වීම සඳහා නව ක්‍රමෝපායන් අනුගමනය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (16) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

විදේශ විනිමය ඉපයිය හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ සංවර්ධනය සඳහා ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විදේශ විනිමය අර්බුදයේදී කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

අපනයන කර්මාන්තයෙන් උපයා ගන්නා විදේශ විනිමය අමුද්‍රව්‍ය ආනයනය සඳහා සෘජුව යෙදවීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

දේශීය කර්මාන්ත සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරනු ලැබීය. එහි ප්‍රධාන වැඩකටයුතු අවසන් කර ඇති අතර එය නුදුරේදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මැණික් කර්මාන්තයෙන් ඉපයිය හැකි විදේශ විනිමය ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගත්තද පවතින නීති රීති හේතුවෙන් ශ්‍රී ලංකාවට මැණික් සඳහා නිසි ලාභයක් නොලැබෙන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්න්නේය.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා පැවසුවේ, බොහෝ රාජ්‍ය ආයතනවල නීති රීති නව කර්මාන්ත ඇති කිරීම සහ පවතින කර්මාන්ත පවත්වාගෙන යාම අධෛර්යමත් කරන බවයි. මේ නිසා විදේශ ආයෝජකයින් විශාල ප්‍රමාණයක් රටට අහිමි වී ඇති බවද ඔහු පැවසීය.

පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට කර්මාන්තවලට අනුමැතිය දෙන ආයාතන එක්ව කටයුතු නොකළහොත් ආයෝජකයින් දිනාගත නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රටේ ආර්ථිකය වෙළඳාම මත පදනම් වේ. එය නිෂ්පාදන ආර්ථිකයක් බවට පත්කිරීමේ කාලීන අවශ්‍යතාවක් මතුව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීන් ද මෙම හමුවට එක්ව සිටියහ.



One thought on “ශීඝ්‍රයෙන් විදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්ත ක්ෂේත්‍රයට නව උපාය මාර්ග සකස් කළ යුතුයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ”

  1. යුතුයි නොවෙ
    කරපිය හෝ කරවපිය
    Sri Lanka need not to be a land of
    Should biens

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More