දේශීය පුවත්

මේ වනවිට ගොඩබාමින් සිටින ගෑස් නෞකාවට අමතරව ඉදිරි දින කිහිපය සඳහා ගෑස් ආනයනය කිරීමට පැවති පාලනාධිකාරිය සැලසුම් සකස් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා හෙළිදරව් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (15) පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ ඒ මහතා “මේ තියෙන විශාල අර්බුදය විසඳන්න බැරි වෙයි කියන එක කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න වෙයි. මේ නැව ආවට පස්සේ එක ම නැවක්වත් schedule කරලා නැහැ. වගකීම් විරහිත භාවයකින් කටයුතු කරපු බවක් මට පේන්නේ. ගොඩබාන කොට සල්ලි දෙන්නම් කියලා නැව් දින වකවානු හරි කතා කර ගෙන තීරණය කරන්න තිබ්බා එහෙම දෙයක්වත් නැහැ හිස්. මහ මුහුද විතරයි මට පේන්නේ.

මට යුතුකමක් වගකීමක් තියෙනවා ඇත්ත තත්ත්වය හෙළිදරව් කරන එක. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේ සාකච්ඡා මට්ටමෙන් අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරපු ඒ සැපයුම්කරුවට ලබා දීලා ඉවර වෙලා ඒ නැව් මෙහෙට ගේන්න. ඒ දින 14 ක කාලය තුළ ඒක ගේනකම් ඒ කටිටියට අපට පුළුවන් ද ඊට ඉස්සෙල්ලා ගෑස් නැව් දෙකක් දින කිහිපයක් ඇතුළත ගෙන්නන්න ඉඩ තියෙනව ද කියන එක අපි බලනවා. අමාරුකම දැනගෙනමයි මේක භාර ගත්තේ ගෑස්. අර්බුදය විසඳන්න නායකත්වය ලිට්‍රෝ ගෑස් ආයතනයට දෙන්න මට පුළුවන් කියන විශ්වාසය තියෙනවා.” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More