මාතර ස්වර්ණාභරණ අලෙවි සැලක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් පිරිසක් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මියයාමේ සිද්ධිය ඊට සම්බන්ධ සැකකරුවෙකු ඝාතනය කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.
සිය ට්විටර් ගිණුමේ ආන්දෝලනාත්මක සටහනක් තබමින් ඔහු පවසන්නේ “ පොලිස් නිළධාරියාගේ අමානුෂික ඝාතනයට එම ඝාතනය සිදු කළා යැයි සැකකරන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදීම ඝාතනය කිරීමෙන් සාධාරනයක් ඉටු නොවන” බවයි. මේ යහපාලනය මිස යමපාලනය නොවන බවත් අමාත්‍යවරයා සටහන් කර තිබුණි.
මාතරදී සිදුවූ මෙම සිද්ධියේදී ඇතිවූ වෙඩි හුවමාරුවේදී පොලිස් කොස්තාපල් සුරංග ප‍්‍රදීප් වීරසිංහ ජිවිතක්ෂයට පත්වූ අතර පසුව ඔහු පොලිස් සැරයන් තනතුරට උසස් කෙරුණි. මාතර නගරයේ ස්වර්ණාභරණ අළෙවි සැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තලූක්කුවේ කංකානම්ලාගේ චාමර ඉන්ද්‍රජිත් නැමැති සැකකරු ඊයේ (23) පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් මියගියේය.
ඒ, ඔහු විසින් සඟවා තිබූ ඇදුම් බෑගයක් සොයා ගැනීම සඳහා මාතර කිරලකැලේ ප‍්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ එම බෑගයේ තිබූ අත්බෝම්බයකින් පොලීසියට ප‍්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදීය. මේ අතර ජීවිතක්ෂයට පත්වූ පොලිස් කොස්තාපල් සුරංග ප‍්‍රදීප් වීරසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.
අමාත්‍යවරයාගේ ට්විටර් සටහන පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...