සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නව පක්ෂයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඊට හමුදාවේ හිටපු නිලධාරීන්ද සම්බන්ධ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරි ගමනක් නැතැයි පවසමින් නව පක්ෂය නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.
සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා ඇතැයි පැවසෙනවා.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් පක්ෂය එළිදැක්වීමට ද සාකච්ඡා සිදු කර තිබෙන බවයි වැඩිදුරටත් එම ආරංචි මාර්ග පැවසූවේ.
මීට පෙර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවා තිබුණා.
පසුව එම පක්ෂය විසුරුවා හැර පක්ෂයේ සියලු සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...