දේශීය පුවත්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකුගේ දක්ෂතාවය නිසා ඊ‍යේ (14) එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ගුවන් යානය සිදුවීමට ගිය අනතුරකින් ගලවා ගැනීමට සමත් වී තිබෙනවා.

ඊයේ අලුයම එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළෙන් ගුවන් මගීන් 275 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු පමණ රැගෙන ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ඒ.- 330 එයා බස් ගුවන් යානය උදෑසන 10.30 පමණ වනවිට තුර්කි ගුවන් සීමාව වෙත ඇතුළු වී තිබුණා.

ඒ වනවිට මෙම ගුවන් යානය තුර්කියේ අන්කාරා නුවර ප්‍රධාන ගුවන් ගමන් පාලක මැදිරිය සමග සම්බන්ධ වෙමින් අඩි 33,000ක තරම් උසකින් ගමන් කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම ගුවන් යානයට අඩි 35,000 ක් දක්වා ඉහළට ඔසවා, එම සීමාවේ ගමන් කරන ලෙස අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය උපදෙස් ලබා දී තිබෙනවා.

එහෙත් මෙම උපදේශය පිළිබඳව විමසිලිමත් වූ මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවා, තම ගුවන් යානයේ වූ රේඩාර් උපකරණය මගින් මෙම තත්වය නිරීක්ෂණය කළ විට, එම අඩි 35,000 ක ගුවන් සීමාවේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට ඩුබායි හරහා සිංගප්පූරු බලා, මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ගමන් කරන ගුවන් මාර්ගයේම තම ගුවන් යානයට වඩා වැඩි වේගයකින් ගමන් කරමින් පැමිණෙන බවට දැක ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තාවන්නේ.

ඒ වනවිට මෙම ගුවන් යානා දෙක අතර පරතරය සැතපුම් 15 ක් තරම් සමීප මට්ටමක පැවති අතර, තවත් මිනිත්තු තුන, හතරකින් මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයට සමීප වී අනතුරක් සිදු විය හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් නියමුවාට අවබෝධ වී තිබෙනවා.

වහාම මේ බැව් ශ්‍රී ලන්කන් ගුවන් නියමුවා විසින් අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය දැනුවත් කිරීමට කටයුතු කළ අතර , එහිදී ඔවුන් මෙම උපදේශය ලබා දෙන විට මෙම බ්‍රිතාන්‍ය ගුවන් යානය තම රේඩාර් තීරයේ නොපෙන්වූ බවත්, එහෙත් මේ වනවිට මෙම ගුවන් යානය ඔවුන්ගේ රේඩාර් තීරයේ දිස් වන බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානය ගමන් කරමින් තිබූ අඩි 33,000 උසකින්ම මෙම ගුවන් ගමන තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දීමට පියවර ගෙන තිබුණා.

මෙම බ්‍රිතාන්‍ය ගුවන් යානයේ ද ගුවන් මගීන් 250 කට වැඩි පිරිසක් සහ කාර්යය මණ්ඩලයේ පිරිසක් ද ගමන් කරමින් තිබෙනවා.

ඒ අනුව විචක්ෂණශීලී ලෙස කටයුතු කළ ශ්‍රී ලන්කන් ගුවන් නියමුවාගේ පරිණත බව නිසා ඉහළ අහසේ සිදුවීමට ගිය විශාල ගුවන් යානා අනතුරක් වලක්වා ගැනීමට හැකි වී තිබුණා.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ඊයේ දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව ගොඩ බෑමට සමත් වී තිබුණා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More