රෝහන විජේවීර මහතාගෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ මෙහෙය වීමේ වගකීම භාර ගත් සෝමවංශ අමරසිංහ මහතා රෝහන විජේවීරයන් විසින් උත්සහා කළ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ සමඟ සන්ධානගතව දෙමළ බෙදුම් වාදය පරාජය කරවීමේ උත්සාහය ජයග්‍රහන කරවීය. එහෙත් ඔහුගේ උත්සාහය අරමුණ බලාපොරොත්තු වූ අයුරින්ම සාක්ෂාත් කර ගත නොහැකි වූයේ ජවිපෙය තුළ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකාරී බලවේග නිසාවෙනි. ඒ මහතාගේ දැක්මේ තිබුණු විෂද බව පෙන්වන එක් අවස්ථාවක් ඒ මහතාට ඔහුගේ පස් වන අනුස්මරණ දිනයේ ඔහුට උපහාරයක් වනු පිණිස මෙසේ පළ කරමු.
“දේශපාලන පක්ෂයක් න්‍යායිකව කොපමණ නිවරදි වුවත් දේශපාලනයේ මතුවන අවස්ථාවන්ට අදාලව ම පක්ෂය ගනු ලබන තීරණයේ ස්වභාවය තීරණය වන්නේ අදාළ පක්ෂය නියෝජනය කරන මහජන බලයේ ප්‍රමාණයට අනුවය. දැන් අප සතුව මන්ත්‍රී ආසන 39ක් තිබේ. අද අප නියොජනය කරන මහජන බලයේ ආසන්නතම දල සංකේතය එයයි. අප සතු මහජන බලය වැඩි දියුණුඅ කිරීමට හේතුවන තීරනයකට යාමට අප සමත් විය යුතුය… ඒ සඳහා මේ ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගත යුතුය.2010 දිනන්නට 2005 ට මුහුණ දෙමු.මහින්ද රාජපක්ෂට මේ ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ 2010 මැතිවරණයට තනිව තරඟ කිරීමේ පූර්න ඉලක්කය ඇතිව ඊට අවශ්‍ය පූර්ව තත්වයන් නිර්මානය කිරීමේ ඉලක්කය සහිතවය”
“2005 ජනාධිපතිවරණය අරභයා උපක්‍රමික ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප තීරණය කළෙමු. එහෙත් අපේ ඒ ක්‍රියාමාර්ගය අසම්පූර්ණ අර්ධ ක්‍රියාමාර්ගයකි එනිසාම එම ක්‍රියාමාර්ගය අපට ලබා දී ඇත්තේ අර්ධ ජයග්‍රහණයකි. අපි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට තීරනය කළෙමු. එය නිවරදිය. ඒ අතරම අපි පොදු ජන එක්සත් පෙරමුණ සමග හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම දක්වා නොයා යුතු බවටද තීරණය කළෙමු.අපි එළඹුණ ඒ දෙවනි තීරණය වැරදි බව මගේ දැන් අදහසයි.” “2005 ජනාධිපතිවරණයට මුහුණ දීමේදී අපේ තත්වයද තක්සේරු කර අපි ප්‍රවේශ වූයේ නිවරදි උපක්‍රමික ක්‍රියාමාර්ගයටය.එහෙත් අපි ඒ ක්‍රියාමාර්ගයේ භාගයක් ගොස් නැවතුනෙමු. ඒ නිසා අප ලබාගෙන ඇත්තේ සීමිත ජයග්‍රහණයකි. හවුල් ආණ්ඩුවක් පිහිටුවීම අත් හැරීම නිසා අපට ලබාගත හැකිව තිබූ ජයග්‍රහණ අහිමි වූවා පමණක් නොව අපි ලැබූ සීමිත ජයග්‍රහණයන් බොඳ වී ගොස් අපට අහිමි වනු ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට ඔසවා තබා එතැනින් නැවතීම යනු ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සිරිසඟබො භූමිකාව තෝරාගැනීමක් ල්ස තරුම් ගන්නා ලෙස මම උදක්ම ඉල්ලමි. ජවිපෙ කිසි විටෙකත් ‘දේශපාලන සිරිසඟබෝ ‘ භූමිකාව තොරාගතත යුතු නැත.
අප මහින්ද රාජපක්ශ තනි කිරීම මගින් තනි වන්න ඔහු නොවේ අපය. මහින්ද රාජපක්ෂ අප විසින් ඈත් කරන තරමට රටේ හතුරෝ ඔහු වටා රොද බැඳ ගැනීම වැලැක්විය නොහැක.රටේ හතුරෝ අපේද සතුරෝය. අප මහින්ද රජපක්ෂගෙන් ඈත් වන විට දැන් අප කරා ඇදෙමින් තිබෙන ශ්‍රීලනිප පහළ සාමාජිකත්වයෙන් බහුතර කොටා ආපසු ශ්‍රීලනිප ය කරාම ඇදෙනු ඇත.”
“මතවාදී නිරවුල්භාවය ඇති කරගැනීම ප්‍රශ්නයක් නොවේ.එය අවශ්‍යය.එහෙත් පන්ති සටන අමුවට මතු කරන්නට යෑමේදී අප කුඩා සීමාවකට කොටු විය හැක. එසේ වුවහොත් ජනතා විමුක්ති ප්‍රමුණත් නව සම සමාජ පක්ෂය වැනි මාක්ස්වාදී පක්ෂයක් වනු ඇත ”
-සෝමවංශ අමරසිංහ -2006 “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...