දේශීය පුවත්

ඩේලි එෆ්.ටී පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටින්නේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට ඇදී යමින් තිබියදීත්, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එකට වැඩ කරනවා වෙනුවට, දෙදෙනා බල දේශපාලනයේ යෙදෙන බවක් පෙනී යන බවයි.

අර්බූදයට මුහුණ පා ඇති එකම ක්ෂේත්‍රයට අදාල ප්‍රශ්න කතා කිරීම සදහා දෙදෙනා එකට වාඩි වෙනවා වෙනුවට, එකම නිළධාරීන් පිරිස වෙන වෙනම අවස්ථා දෙකක දී කැදවන බවත් එය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කර දැමීමක් බවත් පුවත්පත පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙසේ අවස්ථා දෙකක දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහ සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු පිළිබදව කතා කිරීම සදහා වෙන වෙනම පිරිස් කැදවා තිබුණු බව පුවත් පත අනාවරණය කරයි.

පසුගිය සිකුරාදා දිනයේ දී ජනාධිපතිවරයා සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු කතා කිරීමට නිළධාරීන් කැදවා තිබුණු අතර, එම නිළධාරීන් පිරිසම පසුගිය සදුදා දිනයේ දී අග්‍රාමාත්‍යවරයා විසින්ද කැදවා තිබුණු බවද පුවත් පත පෙන්වා දෙයි.

මේ අතර පුවත් පත පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු කතා කිරීම සදහා ජනාධිපතිවරයා කැදවා තිබුණු සාකච්ඡාවට සහභාගී නොවූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා කැදවා තිබුණු සාකච්ඡාවට සහභාගී වී ඇති බවයි.

එකම ප්‍රශ්නය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම තමන් කැඳවා දෙදෙනා එකිනෙකට පරස්පර උපදෙස් සහ නියෝග ලබා දෙන බවත් එම සාකච්ඡා සදහා සහභාගී වන නිළධාරීන් පවන බවද ඩේලි එෆ්.ටී. පුවත්පත පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More