21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කැබිනට් මණ්ඩල අනුමතිය ලබා දීම හතරවන වතාවටත් කල්ගොස් තිබේ. පසුගිය සඳුදා(13) රැස්වූ කැබිනට් මණ්ඩලය වෙත අදාළ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබූවද, කැබිනට් මණ්ඩලය ඒ සදහා අනුමැතිය ලබා දී නොතිබුණි.
පක්ෂ නායකයන් සමග ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම අවශ්‍ය බව පවසමින් මෙසේ ඊට අනුමැතිය ලබා දීම කල්තබා ඇති බව වාර්තාවේ.
බන්ධනාගාර පුනරුත්ථාපන සහ අධිකරණ අමාත්‍යය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් 21 වන සංශෝධන පනත් කෙටුම්පත් කැබිනට් මණ්ඩලය සදහා ඉදිරිපත් කරන ලද්දේ පසුගිය මැයි මාසයේ 23 වන දා ය. මැයි මාසයේ 23 වන දා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විට යෝජනා වූවේ මැයි මාසයේ 27 වන දා පක්ෂ නායකයන් වෙත අදාළ පනත් කෙටුම්පත ලබා දී ඔවුන්ගේ ද අදහස් ලබා, නැවත මැයි 30 වන දා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලෙසයි. මැයි 30 වනදා සිට පසුව සති දෙකක් ගෙවී ඇතත් තවමත් 21 වන සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී නැති බවද වාර්තාවේ.
21 වන ව්‍යයවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත් දෙකක් මීට පෙර පුදග්ලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමීන්තුවට ඉද්‍රිපත් වී තිබුණි. ඉන් එකක් පක්ෂ 11 කණ්ඩායමේ නායකත්වයෙන් යුතුව විජයදාස රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යොඉජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිනි. අනෙක් පනත් කෙටුම්පත සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කෙරුණි. කෙසේ වුවද ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රමුඛ ජාතික සංවිධාන වල නියමුවන් විසින් එම පෙත්සම් දෙකම අභියෝගයට ලක් කරනු ලැබීය. විජයදාස රාජපක්ෂ මහතා තමා පක්ෂ 11 නියෝජිතයන් ලෙස ඉදිරිපත් කළ සංශෝධනය ඉල්ලා අස්කර ගත් බව අධිකරණයට වාර්තා කර සිටියේය. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ 21 වන සංශෝධනය ජනමත විචාරණයකට යායුතු ඇතැයි අධිකරණය තීන්දු කරනු ලැබීය.
ඒ අනුව අධිකරණ ඇමතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා වෙනත් 21 වන සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජේෂ්ඨ නීතිඥයෙකු ලංකා ලීඩ් වෙත පැවසූවේ, බෙදුම්වාදීන් කාඩ් කුට්ටමේ තුරුම්පු අදින ආකාරයෙන් 21 වන ව්‍යයවස්ථා සංශෝධන විටින් විට ඉදිරිපත් කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...