දේශීය පුවත්

උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් එක් එක් කෙනාට බෝලය පාස්නොකර ජනාධිපති වගකීම බාරගෙන ධුරයෙන් යා යුතු බව අවධාරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින්, “යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න දැඩි කැපවීම් කරලා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා. ඒ පක්ෂය වටේ ඉතා කෙටි කාල සීමාවක් තුළ අතිවිශාල පිරිසක් එක්වෙලා 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණය ජයගත්තා.ඊට පස්සේ 2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේදී රට ගොඩ නගයි කියන දැඩි බලාපොරොත්තුව ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළා.හැබැයි බලය ගත්ත දා ඉදලා දවසින් දවසින් ජනතාවගේ බලාපොරොත්තු කඩ කරන්න පටන්ගත්තා. ඒක තමයි මේ ව්‍යාකූල තත්ත්වයට මුල. තමන්ගේ මාපියන්ට වගේ ආදරය කරපු පක්ෂ අතහැරලා තමයි පොහොට්ටුව වටේ එකතු වුණේ. එහෙම වුණේ ලොකු විශ්වාසයක් තියාගෙන. සමහරු කියනවා ලක්ෂ 69 ජනවරම ලැබුණේ ගෝඨාභයට කියලා. නැහැ 2018 පළාත්පාලන මැතිවරණයට ඔය කවුරුවත් හිටියේ නැහැ. තනතුරු පරිත්‍යාග කරමින් කැපවීම් කරපු පිරිස නිසයි ඒක ජයග්‍රහණය කළේ.දවසින් දවස ආණ්ඩුවට තිබුණ ප්‍රසාදය අඩුවේගෙන ගිය නිසා පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. රටේ නායකත්වය ගත්ත අදූරදර්ශි ක්‍රියාපිළිවෙත හින්දා අද රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙලා තියෙන එක රහසක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දීලා ජනාධිපති හිතනවානම් ගත්ත හොදම තීරණය ඒක කියලා අපිට හිතාගන්න තියෙන්නේ ගොවියට පොහොර නොදී රටට වුණ විනාශය වගේ එකක් කියලා. අද දේශපාලන පක්ෂ සියල්ලම අරාජික වෙලා.අපිත් මුලින් හිටියේ අරගලකරුවන් කියන එක වැරදියි කියලා.හැබැයි දැන් අපිට තේරෙනවා අරගලකරුවන් කියන දේ නිවරදියි කියලා. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට යන්න කිව්වට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කරගත්තේ ජනතාවට උපදෙස් දෙන්න නොවෙයි වැටුණු රට ගොඩ ගන්න. ඒත් මෙතුමා කරන්නේ වෙන එකක්. ඒක හින්දා මම කියන්නේ මේ අගමැතිතුමත් අරගෙන ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More