දේශීය පුවත්

මත්තලත් ඈවරයි?

June 13, 2022 8:15 pm | Lanka Lead News

වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා  මත්තල ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආදායම් උපයන ගුවන් තොටුපොලක් නොවන බවත් එය නඩත්තු කරන්නේ කටුනායක ගුවන් තොටුපොල උපයාගන්නා මුදලින් බවයි.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා චීනයෙන් ලබාගත් ඩොලර් මිලියන 210ක ණය මුදලක් තවමත් ගෙවීමට ඇති බවත් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ නඩත්තුකිරීමට මාසිකව දැනට රුපියල් මිලියන 10ක් වැය වන බවත් ඔහු අවධාරණය කළේය.

ඒ අනුව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ආයෝජකයෙකු කැඳවීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More