ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සභාපතිත්වය දැරූ එම්.සී.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම තනතුරෙන් ඉල්ල අස්වූ බව වාර්තවේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කර ඇති අතර, අමත්‍යයවරයා ඒ මහතාගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇත.
“ලංවිම සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් මට එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය මම පිළිගත්තෙමි.” විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේය.
අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ලංවිම උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා වැඩ භාර ගන්නා බවයි.
ඉලංගකෝන් මහතා මීට පෙර ජාතික යොවුන් සේනාංකයේ මෙන්ම නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපති තනතුර දරා ඇත. එලෙසම අන්තරායකර ඖෂධ පරිපාලනයේ අධ්‍යක්ෂ සහ ඇසෝසියෙටඩ් ප්‍රවෘත්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
හිටපු හමුදා නිලධාරියෙකු වන ඉලංගකෝන් මහ්තා වාණිජ ගුවන් නියමු බලපත්‍රයද හිමි අයෙකු වන්නේය එලෙසම ඔහු විවිධ ක්ෂේත්‍රවලින් පදක්කම් කිහිපයක් ද හිමිකරගත් අයෙකි.
ෆර්ඩිනැන්ඩෝ මහතාගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔහු විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඉදිරියේ පසුගියදා ඔහු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙනි.
පසුගිය සිකුරාදා (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප්) රැස්වීමේදී ලංවිම සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලපෑම් හේතුවෙන් මන්නාරම සුළං බලාගාරයේ ටෙන්ඩරය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට ලබාදී ඇති බව ප්‍රකාශ කළීය.
එම ටෙන්ඩරය අදානි සමූහ ව්‍යාපාරයට ලබාදෙන ලෙසට ඉන්දීය රජයෙන් බලපෑම් එල්ල වී ඇති බැවින් එම ටෙන්ඩරය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවද විදුලිබල අමාත්‍යාංශයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩෝ මහතා කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව නිවේදනයක් නිකුත් කරමින් මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා අනිසි අවසර ලබාදී ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.
මන්නාරමේ පිහිටුවීමට නියමිත සුළං බලාගාර ව්‍යාපෘතිය කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ප්‍රදානය කිරීමට තමන් කිසිදු අවස්ථාවක අවසර ලබා නොදුන් බව ජනාධිපතිතුමා ස්ථිරවම ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේදී කළ ප්‍රකාශය ජනාධිපතිවරයා දැඩිව ප්‍රතික්ෂේප කළේය.
මන්නාරම සුළං බල ව්‍යාපෘතිය ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් තමන් කෝප් කමිටු රැස්වීමේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව සමාව අයැද සිටි ෆර්ඩිනැන්ඩෝ එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ඉල්ලා අස්කර ගන්නා බව ද ප්‍රකාශ කළේය.
කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා වෙත ලිපියක් යවමින් හිටපු විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ සාකච්ඡාව අතරතුර අනපේක්ෂිත ‘පීඩනය සහ හැඟීම් බර වීම’ හේතුවෙන් ‘ඉන්දියානු අගමැති’ යන වචනය සීමාවකින් තොරව ප්‍රකාශ කිරීමට තමාට සිදු වූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...