දේශීය පුවත්

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීම ඊයේ (12) පස්වරුවේ යෙදී තිබුනද පැවති විරෝධතාවක් හේතුවෙන් ධාතු තුන්පත් කිරීම තාවකාලිකව කල්දැමීමට සිදු වූ බව කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන් පැවසීය.

බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කෙරුනු චෛත්‍යරාජයානන් වහන්සේගේ සධාතුක කරුඩු තැන්පත් කිරීම ශ්‍රී බුද්ධවර්ෂ 2566 ක් වූ පොසොන් මස ඊයේ දින  පස්වරු 2 . 05 ට නියමිතව තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ දින කුරුන්දි විහාරයේ සංරක්ෂණය කෙරුණු චෛත්‍ය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබීම හේතුවෙන් සර්වඥ ධාතු තැන්පත් කිරීම කල්දැමීමට පියවර ගෙන තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී පවසා සිටියේ .

‘කුරුදුමලෙයි විහාර භූමිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය මගින් නඩු නියෝගයක් ලබා දී ඇති හෙයින් එම අධිකරණ නියෝගය කඩකරමින් අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමට ආරක්ෂක අංශ සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පියවර ගන්නා බැවින් වහාම අදාල ඉදිකිරීම් නවතා දමන ලෙසටය.

මේ පිළිබඳව අදහස් පලකර සිටි කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ.

‘අධිකරණ නියෝගයේ තියෙන්නේ පැහැදිලිවම පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් කිසිදු බාධාවක නොවිය යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකරගෙන යන සංරක්ෂණ කටයුතු ඇතුලු පුරාවිද්‍යාත්මක කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ පිහිටි ආයතන දැනුවත් කොට සිදුකල යුතු බවටත් එවැනි කටයුතු සිදුකිරීමේදී මහජනතාවට බාධාවක් හෝ ගැටුමක් සිදුනොවන ආකාරයටට කටයුතු කරන්න කියලයි.

මේ නිසා ඊයේ දින කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවෙලා තියෙනවා කියල සැකයක් තියෙන්නේ. ධාතු තුන්පත් කිරීමේ අවස්ථාවට ත්‍රයිනිකායික සංගයා වහන්සේ ඊයේ දින මෙම ප්‍රදේශයට වැඩම කරා. ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුලු නිලධාරීන්ද මෙම පූජා භූමියට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීම සිදුවුනා. එහිදී පුරාවිදයා අධ්‍යක්ෂක ජනරා විසින් මුලතිව් දිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අදාල විරෝධතාකරුවන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට එකඟවී තිබෙනවා. ඉන්අනතුරුව පසු දිනක තමයි මෙහි නැවත සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදුවන්නේ. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More