Notice Board

“මෛත්‍රියෙන් සිත නිවාගමු” යන තේමාව යටතේ මෙවර පොසොන් සතිය අද (24) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අටමස්ථානය, මිහින්තලය, තන්තිරිමලය සහ පොලොන්නරුව පුද බිම වෙත විශාල වශයෙන් සැදැහැවතුන් පැමිණෙනු ඇති බවට පොසොන් කමිටුව අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මේ වන විට සළසා තිබේ.

මෙවර පොසොන් සමයේදී අනුරාධපුරය ආශ්‍රිත පුදබිම්වලට ලක්ෂ දහයක පමණ සැදැහැවතුන් පිරිසක් පැමිණෙනු ඇති බව දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා සඳහන් කළේය.

උඩමළුවේ සති පිරිත් දේශනය අද ආරම්භ වේ.

පොසොන් දන්සැල් 200ක් පමණ සංවිධානය කර ඇති බව වාර්තා වන අතර දිය නෑම සඳහා බසවක්කුලම සහ බුලන්කුලම වැව් වෙන් කොට තිබෙනවා.

පානිය ජලය ලබාගැනීම සඳහා තිසා වැව වෙන් කොට ඇති බැවින් එහි දිය නෑම තහනම් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර පොසොන් සතිය නිමිත්තෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More