මැයි 09 දා රට පුරා ඇති වූ ගිනි තැබීම් වලට සම්බන්ධ වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව හෝමාගම පිලිසීය පවසයි. එම පිරිස මැයි 9 වෙනිසා කණ්ඩායමක් ලෙස එක්වී පොලිස් නිලධාරියකු ඇතුළු කීප දෙනෙකුට පහරදී තුවාල සිදු කිරීම ,රජයේ දේපළ වලට අලාභානි කර ගිනි තැබීම සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනාවලට් ලක්වී සිටී. අත්අඩංගුවට ගත් පිරිස අතර හෝමාගම හරිත සරසවියේ සිසුවෙක් ඇතුළු තිදෙනකු සිටින බව හෝමාගම පොලිසිය පවසයි.
මේ අතර අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් තිබී පොලිස් භාරයට ගත් බවද පොලිසිය පවසන හෝමාගම පොලිසිය අත්අඩංගුවට පත් වූවන් අතර සිටින ලාබාලතම පුද්ගලයා වයස අවුරුදු 19 ක තරුණයෙක් බවද පවසයි.
මෙම සැකකරුවන් පිරිස මැයි නම වෙනි දින අධිවේගී මාර්ගයට ඇතුළු වී මතුගම පොලිසියේ කැබ් රථයකට අලහාභානි කර අනතුරුව එහි ගමන් ගමන් ගත් පොලිස් නිලධාරියාටද පහර දී, අම්පාර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන්ගත් කැබ් රථයට පහරදී ගිනි තබා විනාශ කිරීම,බස් රථයකට අලාභානි කර ගිනි තැබීම මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභා භූමියට ඇතුළු වී ආරක්ෂක නිලධාරියාට මරණීය තර්ජනය කර එහි ගාල් කර තිබූ වාහන තුනකට පහරදී අලාභානි සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් සැකකර අත්අඩංගුවට ගත් බව ගත් බව පොලිසිය පවසයි.
හෝමාගම පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අයුතු ජන රාශිය ,නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම,රජයේ සේවකයකුට අනර්ථයක් සිදු කිරීම,රජයේ සේවකයෙකුට පහර දී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...