දේශීය පුවත්

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පත්කර ගැනුණු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා ගේ පත් කිරීමට එරෙහිව නඩු පැවරීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම කරුණු හෙළි ක්ළේය.

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීම මගින් ජනතා පරමාධිපත්‍යය බලය බරපතළ ලෙස අභියෝගයට ලක් කර ඇති බවද එම සාකච්ඡාවේදී අවධාරණය කරන ඒ මහතා ELOLC සහ LB Finance ආයතනය හරහා සිදුවූ බදු වංචාවක් සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ වංචාව යට ගැසීම සඳහා ආණ්ඩුවේ සහාය හිමිව ඇති බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනය විශාල මුලාවක් බවද පවසන නාගනද මහතා මේ වන විට 20 වතාවක් සංශෝධනය වී ඇති 1978 ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාවට ගෙන ආ එකිනෙකට පරස්පර සංශෝධනවලට සුසිල් ප්‍රේම ජයන්ත් ඇතුළු මන්ත්‍රීවරු බොහො පිරිසක් අත් ඔසවා ඇති බවද පෙන්වා දේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More