දේශීය පුවත්

“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු; දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන තේමාව යටතේ නව දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුලු පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් සූදානම වන බව වාර්තා වේ. එම පිරිස ඊයේ සවස රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ නිලධාරින්ද හමුවූ බවද වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා ඩලස් අලහප්පෙරුම මහතා සමඟ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් සහභාගි වූ  රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කොමිසන් සභාවේ සියලුම සාමාජිකයන් සහභාගී වූ බවද ආරංචි මාර්ග පවසයි. මෙහිදී මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවද දීර්ඝ සාකච්ඡාවක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දැනට පොහොට්ටුවේ ඉතිරිව ඇති මන්ත්‍රීන් 117 දෙනාගෙන් 49 දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා සමග නව දේශපාලන බලවේගය නිර්මාණය කිරීමට දැනටමත් එක්ව තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන් හා නීතිඥවරුන්ගෙන් සිව් දෙනකු හැර සියලු දෙනා මෙම නව බලවේගයට එක්ව ඇති බව ද පැවසේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More