දේශීය පුවත්

ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඊයේ(10) මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපියක් යොමු කර ඇත. එම ලිපිය මගින් මහජන යුතුකම් කේන්ද්‍රය පෙන්වා දෙන්නේ 2015 සහ 2020 මැතිවරණ දෙකෙහිදීම මැතිවරණ කොමසාරිස්වරයා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.
මානව හිමිකම් කේන්ද්‍රය මැතිවරණ කොමසාරිස්වරයාට යැවූ සම්පූර්ණ ලිපිය පහතින්….

2022. 06.10

සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ පාර, රාජගිරිය.

මහත්මාණෙනි,
නවක මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීම – ධම්මික පෙරේරා මහතා
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ නම පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යෝජනා කොට ඔබ වෙත එවා ඇති බව ජනමාධ්‍ය මගින් වාර්තා කර ඇත.
පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ඉදිරිපත් වන අපේකෂකයෙකු, ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු නාම යෝජනා බාරදීමෙන් පසුව ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතුය.
2015 සහ 2020 මහා මැතිවරණ දෙකේ දී ම, නාම යෝජනා සමඟ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඡන්ද අපේක්ෂක හැඳුනුම්පත ලබානොදුන් අතර, අනෙකුත් වරප්‍රසාද සියල්ල අහිමි කරනු ලැබීය.
ඉහත මැතිවරණ දෙකේ දී ම, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් කිසිදු පුද්ගලයෙකු ගේ නම් මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීම හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හෝ සිදු වූවේ ද නැත.
එවකට, මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂවරයා ලෙස ඔය විසින් ම ලබා දුන් උපදෙස් මත මැතිවරණ කොමිසම සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉහත තීරණය ගත් බව මාගේ විශ්වාසය යි. එබැවින්, ඔබගේ පූර්වගාමීන් ගේ කාර්ය පටිපාටිය මෙවර ද ඔබ විසින් අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරමි.
තව ද, සියළුම අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබ දෙන බවට පසුගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත. එම පක්ෂයේ සමාජිකයෙකු ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නිවේදනය කිරීමට පෙර ඒම කරුණු සම්පූර්ණ කිරීම මැතිවරණ කොමිසම සතු වගකීමකි.
ඉහත පූර්වාදර්ශය හා ව්‍යවහාරයන් මත ධම්මික පෙරේරා මහතා (හෝ වෙනත් අයෙකු) ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නිවේදනය කිරීමට පෙර ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලැබී ඇති බව තහවුරු කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.
මැතිවරණ පනතේ විධි විධාන අනුව ද, 2015, 2020 මහා මැතිවරණ දෙකෙහිම ද වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබ ඉහත ආකාරයෙන් කටයුතු කර ඇති බව ද සිහිගන්වමි.
මෙයට විශ්වාසී,

රජිත් කීර්ති තෙන්නකෝන්
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

පිටපත
1. ලේකම්/මැතිවරණ කොමිෂන් සභාව
2. මැතිවරණ කොමසාරි ජෙනරාල් – ඔබ දෙදෙනාම මැතිවරණ දෙපාර්තමේන්තුව/කොමිෂන් සභාවේ පළපුරුදු නිලධාරීන් ලෙස කටයුතු කරමින් ඉහත නීතිය අකුරටම ක්‍රියාත්මක කළ නිලධාරීන් වෙති. එහි කිසිදු ව්‍යතිරේකයක් ඉදිරියේ දී සිදු නොකරනු ඇතැයි අපේක්ෂා කරමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More