පුරවැසි කොලම

අතිගරු ජනාධිපතිතුමා,

ජනාධිපති මන්දිරය,

කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බූදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ කොන්දේසි විරහිත්ව පෙනී සිටින රුසියානු රාජ්‍යය පස මිතුරෙකු බවට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධවයි

02.06.2022 දින  රුසියානු රාජ්‍යයට අයත්  RA-73702 අංකය දරණ රුසියාවේ ලියාපදිංචි එරොෆ්ලොට් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ රඳවා ගැනීමෙන් පසුව එය ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍යය තාන්ත්‍රික අර්බූදයක් දක්වා වර්ධනය විය. කෙසේ වුවද 06.06.2022 දින  හවස් වන විට අදාල ගුවන් යානය රටින් පිටව යාමට අවශ්‍යය නීතිමය කටයුතු සම්පාදනය කෙරුණද අදාළ ක්‍රියාව මගින් පැන නැගුණු රාජ්‍යය තාන්ත්‍රික අර්බූදය සමනය කිරීමට අවශ්‍යය මැදිහත් වීම සිදුවන බවක් පෙනෙන්නට නොමැතිය යන්න අපගේ හැඟීමයි.

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම අප රට ගිල ගැනීමට මාන බලමින් සිටින කුමන්ත්‍රණකාරී දුෂ්ඨ බලවේග විසින් සැලසුම් සහගතව නිර්මාණය කරණ ලද ආපදා අධිරාජ්‍යයවාදී දේශපාලනයේ  ගොදුරක් බවට පත් වීම සනිටුහන් කිරීමක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. දැන් එම ආපදා අධිරාජ්‍යයවාදී දේශපාලන ක්‍රියාවලිය තුල අප වෙනුවෙන් ජාත්‍යයන්තරය තුල කොන්දේසි විරහිතව පෙනී සිටින රාජ්‍යය තාන්ත්‍රික  මිතුරන් පස මිතුරන් බවට පත්කරලීමේ  තීරණාත්මක පියවර ක්‍රියාවට නැංවෙන අඳුරුතම පැය ආරම්භ වී ඇත.ඒ අනුව රුසියානු රාජ්‍යය අප සමඟ අමනාප කරලීමට අවශ්‍යය ප්‍රතිපාදන සැපයීමට කටුනායක ගුවන් තොටුපලේදී ඉහත සඳන් එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානය ගුවන් තොටුපල බලධාරින් විසින් රඳවා තබා ගැනීම හේතු පාදක විය.

මෙම  සිද්ධිය පාදක කරගෙන රුසියානු රාජ්‍යය දැනටමත් ශ්‍රී ලංකාවට එරොෆ්ලොට් ගුවන් යානා පැමිණීම නවතා දමා මාලදිවයිනට සහ තායිලන්තයට හරවා යවා ඇති බව පුවත් වාර්තා පවසයි. එලෙසම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින ලක්ෂ පහක රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට නොපැමිණියහොත් රුසියාව ශ්‍රී ලංකාවේ තේ මිළදී ගැනීම නැවැත්වුවහොත් අඩු මිලට ලබා ගැනීමට තිබෙන ඛනිජ තෙල්, පොහොර ආදිය ලබා දීම ප්‍රතික්ෂේප කළහොත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී  ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම අත්හැරියහොත් ශ්‍රී ලංකාව රටක් ලෙස පත්වන තත්වය සිතා ගත හැකිදැයි ප්‍රශ්නයක් පැන නගී. මෙය ආපදා අධිරාජ්‍යයවාදී දේශපාලන උපක්‍රමය තේරූ දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන්ගේ අතිවිශාල ජයග්‍රහණයක් බව සක් සුදක් සේ පැහැදිලිය. මෙම තත්වය ඔබ තුමා සිහිනෙන්වත් බලාපොරොත්තු වූ තත්වයක් නොවන බව අපගේ හැඟීමයි.

කෙසේ වුවද රට මේ වන විට මුහුණ දී තිබෙන තත්වයෙන් මුදවා ගැනීමේ අවංක වුවමනාවක් ඔබ තුල වන බව 06.06.2022 දින විදෙස් මාධ්‍යය ආයතනයක් වන බ්ලුම්බර්ග් මාධ්‍යය ආයතනය සමඟ ඔබ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී “අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස මට ධුරයෙන් ඉවත්ව යන්න බැහැ. ” යනුවෙන් කළ ප්‍රකාශය දෙස් දෙයි. එය රටට යහපතක් කරලීමේ ඔබ තුළ වන අවංක වුවමනාව පෙරදැරි කරගනිමින් කළ ප්‍රකාශයක් බව අපගේ විශ්වාසයයි. ඒ අනුව ඔබගේ වචන සැබෑ අර්ථවත් වචන බවට පත් වන්නේ ඔබ ගන්න අවංක නිවැරදි ශක්තිමත් ක්‍රියා මාර්ග තුලින් පමණක් බව අවධාරණය කරමි.

ඒ අනුව බිඳ වැටී ඇති රුසියානු ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා යළි පිළිසකර කිරීමට මැදිහත් වීම තුලින් ඔබගේ වචන වලට වටිනාකමක් ලැබෙනු ඇති බව අපගේ විශ්වාසයයි. රුසියානු රාජ්‍යයට දැවැන්ත රාජ්‍යය තාන්ත්‍රික අපහාසය ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ගුවන් යානයට නග්ගවා ගුවන් නියමුවා ඇතුලු කාර්ය මණ්ඩලයට “සමාවෙන්න” කියා තේ කොල පැකට්ටුවක් තෑගි දීමෙන් සමනය නොවන බව අපි දැඩිව ප්‍රකාශ කරමු.

ඒ වෙනුවට මෙම කුමන්ත්‍රණයට වග කිවයුතු නිලධාරින්ට දඬුවම් දීමෙන් අප රටක් ලෙස රුසියාවට  සිදුවූ රාජ්‍යයතාන්ත්‍රික  අපහාසයට වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් දීමට අවංකව කටයුතු කරන බව පෙන්වීම කළ යුතුය.

කෙසේ වුවද තම රාජකාරි බල සීමාවෙන් ඔබ්බට ගොස් ක්‍රියා කළ කොළඹ මහාධිකරණයේ පිස්කල් නිලාධාරිය මේ වන විට වැඩ තහනමට ලක් කර විනය පරීක්ෂණ ගැනීමට කටයුතු කිරීම ප්‍රශස්ත ක්‍රියාවකි. කෙසේ වුවද එම පිස්කල් නිලධාරියා සමඟ පැමිණි පැමිනිල්ලේ නීතිඥයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද අධිකරණ අමාත්‍යාංශය විනය පියවර ගැනීමට කටයුතු කළ යුතුය.

එහැනින් නොනැවතී අදාළ නඩු කටයුත්ත මෙහෙය වූ ආකාරය සම්බන්ධව නීති විශේෂඥයන් පවසා සිටින සැක සහිත බව සම්බන්ධව  පසු විමර්ෂණ ක්‍රියාවලියකට භාජනය කිරීමට ඔබ තුමාට ඇති බලය පාවිච්චි කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමි.

2010 අංක 14 සිවිල් ගුවන් සේවා පනතට අනුව ගුවන් යානයක් රඳවා ගැනීමේ බලතල ඇත්තේ සිවිල් ගුවන් සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයාට බව පනතේ 10 වන පර්ච්ඡේදයේ 101 (1) ප්‍රතිපාදනයේ සහ 101 (2) වගන්ති වල පැහැදිලිවම දක්වා තිබේ. එසේ තිබියදී ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ ගුවන් සංතරණ අංශයේ අංශ ප්‍රධානියා දෙවන වග උත්තරකරු කිරීමට පාදක වූ කරුණු සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ යුතුය. යම් විධියකින් ගුවන් තොටුපල සහ ගුවන් සමාගමේ නිලධාරින් නීතියේ හිල් අතරින් රිංගා යාමට පැමිණිලිකාර පාර්ශවයට උදව් කිරීමට්  සම්බන්ධ වී ඇත්නම්  ඔවුනට දඬුවම් පැමිණවිය යුතුය.

ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ගුවන් යානය රඳවා තබා ගැනීමට එම සමාගමට වාරණ නියෝගයක් කොළඹ වානිජ මහාධිකරණය විසින් නිකුත් කර නැතැයි පවසා ඇත. ඒ අනුව ගුවන් සංතරණ අංශයේ ප්‍රධානියා ගුවන් යානය රඳවා තබා ගැනීමට කටයුතු කිරීමට පාදක වූ හේතු සොයා බලිය යුතුය. ඒ අනුව ගුවන් සංතරණ අංශයේ ප්‍රධානියා තම රාජකාරි බල සීමාව ඉක්මවා කටයුතු කර ඇත්නම් ඔහුට දඬුවම් පැමිණවිය යුතුය.

කටුනායක ගුවන් තොටුපළේ අධි ආරක්ෂිත ප්‍රදේශයේ පවතින ගුවන් ගමන් පාලන කුළුන පිහිටා ඇති ප්‍රදේශයට ඇතුළුවීමට පැමිණිල්ලේ නීතිඥයාට අවසර ලබා දුන් ආකාරය සහ එසේ අවසර ලබා දුන් නිලධාරියා සම්බන්ධයෙන්ද විනය පරීක්ෂණ සිදු කළ යුතුය.

ඉහත සඳහන් කළ පියවර අනුගමනය කිරීමෙන් රුසියානු රාජ්‍යයට අප වෙතින් සිදුවූ රාජ්‍යය තාන්ත්‍රික අපහාසයට සම්බන්ධ වූවන්ට දඬුවම් දීමට ඔබ තුල වන උවමනාව රුසියානු බලධාරින්ට සහතික වේ. එලෙස අර්බූදය සමනය කිරීමට අවංක ප්‍රවේශයක් ගන්නා බව රුසියානු රාජ්‍යය වෙත පෙන්වීමෙන් පසු බිඳි ගිය රාජ්‍යය තාන්ත්‍රික සබඳතා නැවත පිළිසකර කර ගැනීමට රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ඔබ තුමා පෞද්ගලිකවම මැදිහත් විය යුතුය. ඒ සඳහා ඉහත අප පෙන්වා දුන් ක්‍රියා මාර්ග ගන්නා බවට රුසියානු රාජ්‍යයට ඉතා ඉක්මනින් ලිඛිතවම දැනුම් දිය යුතුය. මෙම ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් ඔබ ප්‍රකාශ කළ ” අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස මට ධුරයෙන් ඉවත්ව යන්න බැහැ ” යන වචන වලට හුදු වාග් ප්‍රලාපයන්ගෙන් ඔබ්බට ගිය සැබෑ වටිනාකමක් ලැබේ.

ස්තුතියි,

මෙයට විශ්වාසී

යසස් ධර්මදාස,

විධායක කමිටු ලේකම්,

ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය.

08.06.2022



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More