දේශීය පුවත්

චීන තානාපති කී සොන්හොංග් මැතිතුමා සහ 06 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් (10) පොළොන්නරුව, නවනගරය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිවසේදී පැවත්විණි.
චීන තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම සහ එහි වැදගත්කම පිළිබඳව තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කරන ලදි.

විශේෂයෙන්ම චීනය දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා චීන රජය වෙත විශේෂ ස්තුතිය පලකරන ලදි. පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපතිවරයා වෙත සහ චීන රජය වෙත තම ප්‍රසාදය පලකරන ලදි.

එමෙන්ම තම පාලන කාලය තුළ චීනය සමග ඉතා සුහදශීලීව කටයුතු කිරීමට හැකිවූ බවත්, එමගින් ශ්‍රී ලංකාව වෙත චීනයේ උදව් උපකාර විශාල වශයෙන් ලබාගැනීමට හැකිවූ බවත්, හිටපු ජනාධිපතිතුමා චීන තානාපතිවරයා වෙත ප්‍රකාශ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක් ලෙස ඉතා ඕනෑකමින් ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි. එමෙන්ම චීන රටේ විශේෂ පරිත්‍යාගයක් ලෙස ඖෂධ තොගයක් හෙට දිනයේ ලබාදෙන බවත්, ඉදිරියේදී තවත් විශේෂ ආධාර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද පොරොන්දු විය.

පසුගියදා ඇති වූ රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් මැතිතුමා වෙත යොමු කල ලිපිය සම්බන්ධයෙන් චීන තානාපතිවරයා ප්‍රසාදය පලකර අතර රටේ සිටින පරිණත නායකයෙකු ලෙස සිදු කරන ලද එම ක්‍රියාව අගය කරන ලදි. එමෙන්ම තානාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වශයෙන් මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සක්‍රීය දායකත්ව අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම චීන රජයේ අභිප්‍රාය බව පැවසූ චීන තානාපතිවරයා ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තු වන බව ද ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාව සඳහා චීන තානාපති ආර්යාව සහ දූත පිරිසක්ද සහභාගී විය.
ශ්‍රී ලං නි ප මාධ්‍යය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More