දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඔහුට හිමිකාරිත්වය සහිත සියලු සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ පුරප්පාඩු ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට කටයුතු කර ඇති බව වාර්තාවේ.

මේ අතර ධම්මික පෙරේරා මහතාට භාර දීමට නියමිත තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය යන මැයෙන් නව විෂය පථයක් නිර්මාණය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44වගන්තියේ (1) (අ) ඡේදය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පසුගිය මැයි 27 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (ජුනි 09) රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයක මේ බව ප්‍රකාශ කර ඇත. .

සංශෝධිත ගැසට් නිවේදනය හරහා ආරක්ෂක අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් රාජකාරි, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා කිහිපයක් නව අමාත්‍යාංශයට පවරා ඇත.

එමගින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලැයිස්තුගත කර තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ආයෝජන මණ්ඩලයයන ආයතන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට පවරා ඇත.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාගේ විෂය පථය යටතේ ගැසට් කර ඇති දෙපාර්තමේන්තු සහ ආයතන පහත දැක්වේ.

1. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
2. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
3. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඊට අනුබද්ධ ආයතන
4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ අනුබද්ධ ආයතන
5. ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම
6. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ එහි අනුබද්ධ ආයතන සහ අනුබද්ධ ආයතන
7. Colombo Lotus Tower Management Company (Pvt.) Limited
8. Techno Park Development Company (Pvt.) Limited
9. තොරතුරු තාක්ෂණ උද්‍යාන (යාපනය සහ මන්නාරම)
10. කාර්මික තාක්ෂණ ආයතනය
11. Sri Lanka Institute of Nanotechnology (Pvt.) Ltd.
12. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
13. Sri Lanka Institute of Biotechnology (Pvt.) Ltd.
14. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
15. කොළඹ වරාය නගර ආර්ථික කොමිසම

කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයාගේ විෂය පථය යටතේ ගැසට් කර ඇති දෙපාර්තමේන්තු සහ ආයතන පහත දැක්වේ.

1. කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව
2. ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය
3. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
4. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
5. මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය
6. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
7. සෞභාග්‍ය ​​සංවර්ධන කාර්යාංශය
8. ජාතික සමාජ සංවර්ධන ආයතනය
9. ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය
10. සමාජ ආරක්ෂණ මණ්ඩලය
11. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජාතික සභාව
12. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය
13. සමාජ සේවා දෙපාර්තමේන්තුව
14. වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාව සහ වැඩිහිටියන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය
15. වකුගඩු අරමුදල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More