දේශීය පුවත්

ඊයේ (9 දා) පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දක්වමින් වසර දෙකක් යන තුරුම රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බවත් රටේ ආර්ථිකය බිඳවැටෙන තුරුම තමන් දැනුවත් නොවූ බවත් පැවසීම හා දේශපාලන අධිකාරියේ තීරණ මත පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යයි පැවසීම අනුමත කළ නොහැකි බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා රජයේ වගකිවයුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළකිය යුතු බවත් දේශපාලනඥයකු සහ නිලධාරියකු අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනාගත යුතු බවත් දේශපාලනඥයන් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හිදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන බවත් එවන් තීරණවලට ලැබෙන ප්‍රතිඵල සඳහා දේශපාලනඥයන් පමණක් වග නොකිය යුතු බවත් අවධාරණය කළේය.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා අදහස් දක්වමින් 2019 වසර අවසානයේ නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමි වූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවත් ඒ සඳහා වාහන ආනයනය නතර කිරීම ඇතුළුව පනවනු ලැබූ ආනයන සීමා හේතුවෙන් ඇතිවූ පාඩුව සහ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආර්ථික සංකෝචනය ඇතුළු හේතූන් බලපෑ බවත් පැවසුවේය.

එහිඩි වැඩිදුරටත් අදහස් දක්වමින් ආටිගල මහතා පවසා සිටියේ, 2019 වර්ෂයේ දෙසැම්බර් 04 වැනි දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ පළමු කැබිනට් පත්‍රිකාවට අනුව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙලෙස තීරණ ගනු ලැබූ බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, මහ භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද හිටපු මුදල් මණ්ඩල සාමාජිකයන්, වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

මෙහිදී එම නිලධාරින් සියලු දේනාම පවසා සිටියේ, කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී ඒ අදාළ විෂයය සම්බන්ධයෙන් ඊට සමගාමීව පසුබිම් සටහනක් සහ වාර්තාවක් තිබිය යුතු බවත් එහි සම්පූර්ණ වගකීම ඇත්තේ එම විෂයය සම්බන්ධ නිලධාරීන්ට බවත් යම් යම් නොවැළැක්විය හැකි තත්ත්වයන් තිබුණු බව පිළිගත හැකි වුව ද මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිසි අධ්‍යයනයකින් පසුව මෙවන් තීරණ ගත යුතුව තිබූ බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කමිටු සාමාජිකයන් මුඩල් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් තවදුරටත් විමසා සිටියේ කොවිඩ් තත්ත්වය මතුවීමට ප්‍රථම, එවකට දේශපාලන බල අධිකාරිය විසින් ගනු ලැබූ මූල්‍යමය ප්‍රතිපත්ති, තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී මතුවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ මුදල් මණ්ඩලයේ පැහැදිලි නිගමන ඇතුළත් වාර්තාවක් ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් වශයෙන් කිසිවකු හෝ ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

එම ප්‍රශ්නයට අදහස් දැක්වූ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසා සිටියේ මෙවන් තීරණ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලබන බවත්, ඉන්පසුව එය කාරක සභා වෙත ද යොමු කරනු ලබන බවත්ය.

අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සජිත් ප්‍රේමදාස, නාලක ගොඩහේවා, එම්. ඒ. සුමන්තිරන්, මුජිබර් රහුමාන්, ආචාර්ය සුරේන් රාඝවන්, ගාමිණී වලේබොඩ, කංචන විජේසේකර, අනුජ පැස්කුවල්, විජිත හේරත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඉන්දික අනුරුද්ධ හේරත්, ඉසුරු දොඩංගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, නලින් ප්‍රනාන්දු යන මැති ඇමතිවරු සහභාගි වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More