මේ වන විට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සූදානමින් සිටින ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට නීතිමය බාධාවක් මතුව ඇති බව වාර්තාවේ.
ඒ ධම්මික පෙරේරා මහතා ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවෘම් දීමට පෙර ඔවුන් ඔහු එම තනතුරු වලින් ඉවත් විය යුතුව ඇත.
වත්මන් ආණ්ඩුකරම ව්‍යවස්ථාව අනුව මන්තී‍්‍රකමක් දරන කිසියම් පුද්ගලයෙකුට හිමිකාරීත්වය සහිත සමාගමක් ආණ්ඩුව සමඟ ගණුදෙනු කළහොත් මන්ත්‍රීධුරය අහෝසි වී යයි.
මේ අතර ධම්මික පෙරේරා මහතා ප්‍රබල අමාත්‍යය ධුරයකට්ට පත් වනු ඇතැයි පළවු වාර්තා හේතුවෙන් ඔහුට හිමි ව්‍යාපාර රැසක කොටස් මිල විශාල වශයෙන් ඉහළ ගිය බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වාර්තා පවසයි.
කෙසේ වෙතත් අලූත්ම වාර්තා සඳහන් කරන්නේ ධම්මික පෙරේරා මහතාට අදාළ නීතිමය ගැටලු නිරාකරණය කරගනු ඇති බවයි. ඒ අනුව ඔහුට ලබාදීම සඳහා මෙරට ප්‍රබල ම අමාත්‍යාංශයක් සූදානම් කර ඇතැයි ද සඳහන්ය.
මේ අතර ඔහුට ආයෝජන අංශයට අදාල අමාත්‍ය ධූරයක් වනු ඇතැයි ද ධම්මික පෙරේරාට මහතාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
ධම්මික පෙරේරා මහතාට හිමිවන ඇමති ධුරය සදහා දැනට ජනාධිපතිවරයා යටතේ ඇති විෂයන් කිහිපයක්ද එක්වනු ඇති බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...