දේශීය පුවත්

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් ශ්‍රී ලංකා වරාය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද (09) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවති වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

කොළඹ වරාය ලෝකයේ සියලුම ප්‍රමුඛ නැව් සමාගම් සමඟ ක්‍රියාත්මක වන බවත් පාලක මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම වගකීමෙන් කටයුතු කරමින් මෙය ආරක්‍ෂා කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

ආනයන රෙගුලාසි උල්ලංඝණය කරමින් ආනයනය කරන ලද සහ වරායේ රාජසන්තක කරන ලද භාණ්ඩ වෙන්දේසි කිරීමේදී අක්‍රමිකතා සිදුවන බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍යය ඒකකය පවසයි.

සතොස, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතනවලට දූෂණය වැළැක්විය හැකි බවත් එම භාණ්ඩ අලෙවියෙන් රජයට ආදායමක් උපයා ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විදේශ රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් වරාය අධිකාරියේ තරුණ සේවකයන් සඳහා පුහුණු ඒකකයක් පිහිටුවීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පර්යන්තය සහ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නියමිත කාලසීමාව තුළ ඉදිකර අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

පවතින තත්ත්වය හමුවේ ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට පියවර ගත යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

එරොෆ්ලොට් රුසියානු ගුවන් සමාගම සමඟ ඇති කර ගත් අවබෝධය ගැටලුව සාර්ථක නිගමනයකට ගෙන ඒමට ඉවහල් වනු ඇතැයි ද නිලධාරීන් විශ්වාසය පළ කළහ.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රට සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව දැඩි අවබෝධයකින් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ.චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. රේඛීය ආයතන සාකච්ඡාවට එක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More