දේශීය පුවත්

විදුලි අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අර්බුදය විසඳීම සඳහා පැහැදිලි උත්තරයක් තිබියදී පුද්ගලික අරමුණු මත දෙපාර්ශ්වයම අඳුරේ අතපත ගාන බවය. ඔහු සඳහන් කරන්නේ සුනිත්‍ය බල අධිකාරිය පනත යටතේ මෙගාවොට් 25 ක් දක්වා සුනිත්‍ය බල ව්‍යාපෘති වලට බලපත්‍ර නිකුත් කළ හැකි බව ය.

එවැනි ව්‍යාපෘති සඳහා මිල සූත්‍රයකට අනුව පොදු ගිවිසුමක් යටතේ විදුලිය මිලදී ගැනීමේ ක්‍රමයක් සකස් කළ හැකි බව ටෙන්ඩර් කැඳවීමේ ප්‍රතිපාදනය මෙගාවොට් 25 ට වැඩි ව්‍යාපෘති සඳහා පමණක් යොදා ගත හැකිය. කළ යුතුදේ නොකර සමස්තය අවුල් කිරීම මගින් අමාත්‍යවරයාට ඒක් ඒක් මිලට විදුලිය මිලදී ගැනීමේ හැකියාව ලැබෙන බව සහ අනෙක් පැත්තෙන් මෙගාවොට් 25 ට අඩු ව්‍යාපෘති අවුල් කිරීම මගින් විදුලි බල මණ්ඩලයේ ඩීසල් විදුලි මාෆියාවට වුවමනා දේ සිදුවන බවට ඔහු චෝදනා කරයි.

විදුලි අර්බුදය රටේ සමස්තයේම කොටසක් බව සඳහන් කරන ඔහු තම සංවිධානය විසින් ඉදිරිපත් කළ හැට එක් වැදෑරුම් යෝජනාවලිය තුළ බලශක්ති අර්බුදය විසඳීම සඳහා උපාය මාර්ගික ප්‍රවේශයක් ඉදිරිපත් කළ බවද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More