දේශීය පුවත්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පුනර්ජනනීය බලශක්තිය සඳහා පැහැදිලි තිරසාර තීරණයක් නොගතහොත් ජනතාව නැවත වතාවක් මැති ඇමතිවරුන්ගේ නිවාස වලට පහර දෙනු ඇති බව පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යයවරයා පවසන්නේ, විදුල බල මණ්ඩලයේ ඇතැම් මාෆියාකාර නිලධාරීන් පිරිසක් ජනතාව අඳුරේ තබා රට බිත්තියට හේත්තු කර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට කුමන්ත්‍රණය කරන බවයි.

විදුලි බිල සියයට 300කින් වැඩි කරන යෝජනාවක් විදුලි බල මණ්ඩලය තමන්ට ලබා දුන් බවද පැවසූ ඔහු පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන නිලධාරීන් අද උත්සාහ කරන්නේ විදුලිබිල සංශෝධනය කර ජනතාව මත බර පටවා තම අරමුණු ඉටු කර ගැනීමට බවද පවසා සිටී.

කුමන තත්වයක් යටතේ වුවත් ජනතාව මත බර පටවන යෝජනා කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට තමා සූදානම් නැතැයි අමාත්‍යයවරයා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More