දේශීය පුවත්

රුසියානු තෙල් මිල දී ගැනීමෙන් ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ කෝපයට ලක් විය හැකි බවට ඇතැම් වගකිව යුත්තන් සිතන බව ප්‍රකාශ වී ඇත. මේ ආකාරයට ඇමරිකානු හා බටහිර ගැති මනෝභාවයන් පුද්ගලයන් තුළ තිබීම ප්‍රශ්නයක් නොවුණ ද, එම අදහස් ප්‍රතිපත්තීන් බවට පත් කරගෙන අපගේ ජීවිත පවත්වාගෙන යාමට නොහැකි ආකාරයට රටේ පාලක පිරිස් ක්‍රියා කිරීම අප පක්ෂ අනුමත නොකරති.

මෙම ලිපියට අත්සන් තබන පක්ෂ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි රුසියානු රජය ලබා දී ඇති එකඟතාවය අනුව යමින්, දීර්ඝකාලීන පදනමෙන් රුසියාවෙන් ඉන්ධන මිළ දී ගැනීම සඳහා වහා ද්විපාර්ෂික සාකච්ඡා ආරම්භ කරන ලෙසයි. එසේ ක්‍රියා කිරීමට අපොහොසත් වන්නේ නම්, රුසියානු ඉන්ධන මිළ දී ගෙන රට පත්ව ඇති දුක්ඛිත තත්ත්වයෙන් මුදවා ගැනීමට බලකිරීම සඳහා, ජනතාව සමඟ එක්ව ක්‍රියා කරන්නට අප පක්ෂ නොපැකිලෙන බව ඔබ තුමන්වෙත මෙයින් දන්වා සිටිමු.

මේ බව සදහන් කරන්නේ ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ 10 විසින් ”ශ්‍රී ලංකාව සඳහා රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීම” මැයෙන් ජනාධිපතිතුමන් වෙත යැවු ලිපියේය.

සම්පුර්න ලිපිය පහත පරිිිදි වේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ජනාධිපති මන්දිරය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාව සඳහා රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීම
පසුගිය මාස කීපය පුරා රට තුළ පවතින ඉන්ධන හිගය ක්‍රමානුකූලව උග්‍ර වෙමින් පවතින බව ඔබතුමාගේ අවධානයට යොමු කරනු කැමැත්තෙමු. දහස් ගණන් ජනතාව දින ගණන් පෝලිම් වල සිටින අතර, එම පොලිම් දීර්ඝ වී ඇතිවා පමණක් නොව, පෝලිම් වලට එක්වන පිරිස් කෝපයට පත්ව ගැටුම් ඇති කර ගන්නා තත්ත්වයට ද පත් වෙමින් සිටිති. පවතින තත්ත්වය විසින් මිනිසුන් මානුෂික සීමාවෙන් ඔබ්බට තල්ලු කරමින් තිබෙන අතර ප්‍රචණ්ඩ හැසිරීම් වෙත නැඹුරු වෙමින් සිටිති. සිදුවෙමින් පවතින මෙම වර්ධනයන් නොඇසූ කන් ඇතිව, නුදුටු ඇස් ඇතිව, රටේ වගකිවයුතු පාලකයන් සිටින බවද පෙනී යයි.

මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබූ ඉල්ලීමකට රුසියානු රජය එකඟතාවය පළ කොට ඇති බව විශ්වාස කටයුතු මාර්ගවලින් අපට දැනගන්නට ලැබී ඇත. එහෙත් රජය මේ පිළිබඳව ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග අපැහැදිලිය. රුසියානු තෙල් මිල දී ගැනීමෙන් ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ කෝපයට ලක් විය හැකි බවට ඇතැම් වගකිව යුත්තන් සිතන බව ප්‍රකාශ වී ඇත. මේ ආකාරයට ඇමරිකානු හා බටහිර ගැති මනෝභාවයන් පුද්ගලයන් තුළ තිබීම ප්‍රශ්නයක් නොවුණ ද, එම අදහස් ප්‍රතිපත්තීන් බවට පත් කරගෙන අපගේ ජීවිත පවත්වාගෙන යාමට නොහැකි ආකාරයට රටේ පාලක පිරිස් ක්‍රියා කිරීම අප පක්ෂ අනුමත නොකරති.
කොතරම් ගැටුම් පැවතියද, යුරෝපයේ දිනපතා මිලියනයකට (ලක්ෂ දහයකට) අධික බොරතෙල් බැරල් ප්‍රමාණයක් දැනුදු රුසියාවෙන් මිලදී ගනියි.

එබැවින්, මෙම ලිපියට අත්සන් තබන පක්ෂ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි රුසියානු රජය ලබා දී ඇති එකඟතාවය අනුව යමින්, දීර්ඝකාලීන පදනමෙන් රුසියාවෙන් ඉන්ධන මිළ දී ගැනීම සඳහා වහා ද්විපාර්ෂික සාකච්ඡා ආරම්භ කරන ලෙසයි. එසේ ක්‍රියා කිරීමට අපොහොසත් වන්නේ නම්, රුසියානු ඉන්ධන මිළ දී ගෙන රට පත්ව ඇති දුක්ඛිත තත්ත්වයෙන් මුදවා ගැනීමට බලකිරීම සඳහා, ජනතාව සමඟ එක්ව ක්‍රියා කරන්නට අප පක්ෂ නොපැකිලෙන බව ඔබ තුමන්වෙත මෙයින් දන්වා සිටිමු. අප මෙම ලිපියෙන් මතු කරන ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබා දෙන්නේ නම් කෘතඥ වෙමු.
ජාතික නිදහස් පෙරමුණ

ලංකා සම සමාජ පක්ෂය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
පිවිතුරු හෙළ උරුමය.
ජාතික කොංග්‍රසය
විජයධරණි ජාතක සභාව
යුතුකම ජාතික සංවිධානය
ශ්‍රී ලංකා මහජන පක්ෂය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More