දේශීය පුවත්

ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඊයේ (08) රාත්‍රී පැවැත්වු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බවයි.

එහෙත් වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වාර්තාවේ.

විදුලිබල පනතට ගෙන එන සංශෝධනවලට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණු අතර ඒ හේතුවෙන් අද (09) උදෑසන 8.00 වන විට දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදුවනු ඇති බව අදාළ වෘත්තීය සමිති සඳහන් කළේය.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, රටේ පවතින තත්ත්තවය හමුවේ වැඩ වර්ජනයක නිරත වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.

වැඩවර්ජනය සඳහා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමයේ සභාපති ඒ.නිශාන්ත මහතා සඳහන් කළේ, අදාළ වැඩ වර්ජනය මේ මොහොතේ පිළිගත නොහැකි බවත් ඒ අනුව වැඩවර්ජනයට සහාය ලබානොදෙන බව ද ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More