දේශීය පුවත්

දෙරණ බිග් ෆෝකස් වැඩ සටහනට සහභාගි වෙමින්, මොස්කව් නුවර ශ‍්‍රී ලංකා ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික සංසදයේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා  පවසා සිටියේ, ශ්‍රී ලංකාවට රුසියාවට අවශ්‍යයද රුසියාවට ශ්‍රී ලංකාව අවශ්‍යයද යන කාරණය රටක් ලෙස තේරුම් ගත යුතු බවයි . එහිදී ඒ මහතා ,බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සමඟ දරුණු ගැටුම් පැවැති සමයේදී බටහිර රටවල් දැවැන්ත පීඩනයක් යුද්ධය නැවැත්වීමට එල්ල කරද්දී රුසියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යයන්තර තලයේදී කොන්දේසි විරහිතව පෙනී සිටි බව පෙන්වා දුන්නේය. රුසියාව, පස මිතුරු රාජ්‍යයක් ලෙස නම් කළ අමෙරිකාව ඇතුළු රටවල් වලට ඔවුන්ගේ අවශ්‍යයතාවයට පොහොර ඇතුළු සමහර අත්‍යයවශ්‍යය දේ ලබා ගැනීමට ඉල්ලීම් කළද කිසිදු අනුකූලතාවයක් රුසියාව නොදැක්වූ බවද පවසා සිටියේය.

එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ රුසියාව විසින් ශ්‍රී ලංකාවත් එම මට්ටමට පත් නොකර සිටීමේ වගකීම සම්පූර්ණයෙන්ම පවතින්නේ ශ්‍රී ලංකාවේ බලධාරීන්ට බවයි. යම් විදියකින් ශ්‍රී ලංකාව එම මට්ටමට පත් කිරීමට රුසියාව කටයුතු කළහොත් ඇතිවන තත්වය සිතා ගැනීමටවත් නොහැකි වනු ඇති බවද ඒ මහතා පවසයි.ඒ නිසා තත්වය සමනය කර ගැනීමට ඉහළම රාජ්‍යය තාන්ත්‍රික මැදිහත් වීමක් කළ යුතු බවද චන්ද්‍රවංශ මහතා අවධාරණය කර සිටී.

සම්පූර්ණ සාකච්ඡාව පහතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More