මේ වන විට අන්තර්ජාල පුවත් අඩවි තුල ප්‍රචාරය වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මෙන්ම හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිී ධුරයෙන් ඉවත් වීමට සැරසෙනවාය යන ප්‍රවෘත්තිය සහ හිස්වන පාර්ලිමේන්තු අසුන සඳහා මෙරට සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පත් කිරීමට සූදානම් යැයි පැවසෙන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මේ වන විට පොදු ජන පෙරමුණ අභ්‍යයන්තරයෙහි කතා බහට ලක්වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රභලයෙකු නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත පවසා සිටියේ බැසිල් මහතා ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් තම පක්ෂ අභ්‍යයන්තරයේ මෙතෙක් සාකච්ඡාවට ගෙන නොමැති බවයි. දැනටමත් 21 වන සංශෝධනයට එරෙහිව 60කට ආසන්න පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා සමඟ සිටින බවත් එම පිරිස් නොමැතිව 21 වන ව්‍යයවස්ථා සංශෝධනය යථාර්තයක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
පොහොට්ටුවේ ප්‍රභලයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විදෙස් ගත පැරණි ජවිපෙ ක්‍රියාධරයෙකු කියා සිටියේ,
” 21 වන සංශෝධනය කියන්නේ එදා අපි දිවි පරදුවට තබා පරාජය කිරීමට සටන් කළ 13 වන ව්‍යයවස්ථා සංශෝධනයේ දිගුවයි. එදා අපගේ විරෝධතා නිසා ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය සමඟ 13 ගැට ගසා තැබීමට කටයුතු කළා. ඒ අනුව පළාත් සභාවක් වෙන්වී යාමට තිබෙන ඉඩකඩ ඇහිරී ගියා. ඒ කියන්නේ 13 මගින් රට දෙකඩ වීමට තිබෙන ප්‍රතිපාදන විධායක ජනාධිපති ක්‍රමය මගින් අඩ තබා තිබෙනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනයේ එවැනි අඩ සුලු ප්‍රමානයකුයි තිබෙන්නේ.සියලුම පළාත් සභා රට තුල අක්‍රිය මට්ටමට පැමිණ දැන් අවුරුදු පහකට පමණ ආසන්නයි. නමුත් පළාත් සභා පිහිටවූ පනත එලෙසමයි. පළාත් සභා වලට එරෙහිව මරාගෙන මැරෙන ලෙස කටයුතු කළ ජවිපෙ 87-89 ධවල මර්ධනයෙන් පසුව කරලියට එන්නේම 13 තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරණු කියන සටන් පාඨය පෙරටු කර ගෙනයි. නිහාල් ගලප්පත්ති චන්ද්‍රිකා සමඟ පැවැති ජනාධිපතිවරණ සටනින් ඉවත් වන්නේ ඇයගෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාය යන පොරොන්දුව රැගෙනයි. ජවිපෙය එම සටන් පාඨය ඔස්සේ බොහෝ දුර ගොස් අවසන්. ඔවුන් බෙදුම්වාදයට දැඩි ලෙස පක්ෂයි. එනිසා ඔවුන් 21 ඇති රට බෙදන රට කැබැලි වලට කැඩෙන ප්‍රතිපාදන වලට විරුද්ධ වන්නේ නැහැ. බෙදුම්වාදයට එරෙහි තීරණාත්මක මං සංධියකදී ජවිපෙන් වෙන් වුනු විමල් වීරවංශ නිර්මාණය කළ ජාතික නිදහස් පෙරමුණ අද ඉන්නේ ස්වාධීන මංත්‍රී කණ්ඩායම තුළ ගොනු වෙමිනුයි.
ඔවුන්ගේ කණ්ඩායමේ ගෙවිඳු වැන්නවුන් 21 වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් බව කියනවා. ගම්මන්පිල 21 හානිය අවම කිරීම සඳහා 21 ජයග්‍රහනය කරවීමේ ව්‍යාපෘතියේ සිටිනවා. විමල් වාසු උදයලාගේ කණ්ඩායම නියෝජනය කළ විජයදාස රාජපක්ෂ එම කණ්ඩායමේ සියලු පක්ෂවල ආශිර්වාදයෙන් 21 ක් ගෙනාවා. එය ව්‍යාජ 21ක්. ජාතික බලවේග නියෝජනය කරනවා යැයි නාමකරණය වී සිටින විමල්ගේ සහ උදයගේ ඇඟිලි සලකුණු තබා ගැනීමටයි ඔහු විසින්ම ඉල්ලා අස් කර ගත් 21 ගෙනාවේ. සජබය ගෙනා 21 ඉතා භයානක එකක්. එම පනත් ජාතික බලවේග විසින් අධිකරණයේදී අභියෝගයට ලක් නොකළේ නම් විමල් වාසු උදයලාගේ ඡන්දයත් සහිතවම මේ වන විට සජබයේ 21 හෝ විජයදාසගේ 21 සම්මත වී අවසානයි. විජයදාස ගේ මී ළඟ තුරුම්පුව තමයි දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 21. එහි ද්විත්ව පුරවැසියන්ට අදාළ ප්‍රතිපාදන ඇතුලත් කර තිබෙනවා බෙදුම්වාදය රජ කරවන ප්‍රතිපාදනත් සමඟ. බැසිල් දැන් හදන්නේ ඔහු සතු මන්ත්‍රී පිරිස පෙන්වා ද්විත්ව පුරවැසි ප්‍රතිපාදනය මූලික වටයේදීම ඉවත් කර ගැනීමේ ව්‍යාජ රංගනයට පණ පොවන්න. නමුත් විමල් උදය වාසු වැනි පිරිස් 21 ට කොටු කර තැබීමේ උවමනාව නිසාම විජයදාස-රනිල් හවුල ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධූර අහිමි කිරීමේ ප්‍රතිපාදනය ඉවත් කරන්නේ නැහැ. එම කණ්ඩායමේ ස්වයං වින්දන සීමාව කාරක සභා අවස්ථාවේදි සුරතාන්තයට පත්වී අහිමි වීමට නියමිතව තිබෙනවා. කාරක සභා අවස්ථාවේදී බැසිල්ට අමෙරිකානු පුරවැසිභාවය අහිමි නොවී පාර්ල්මේන්තුවේ සිටීමේ වාසනාව උදාකර දී රට බෙදීමට අවශ්‍යය ප්‍රතිපාදන එලියට එනවා.ඒවාට ජාතික බලවේග නියෝජනය කරන්නේ යැයි පැවසෙන විමල් වාසු උදයලාගේ ඡන්දත් එකතු වෙනවා. සමස්ත පාර්ලිමේන්තුවම එකතු වී රට දෙකඩ කිරීමේ 21 වන ව්‍යයවස්ථාව සම්මත කිරීමෙන් රනිල්-විජයදාස-බැසිල් රංගනය අවසන් වෙනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...