දේශීය පුවත්

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පසුගිය කාලයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වෙළදපොලේ අලෙවි කිරීමට ඇති මත්පැන් වල නියදි ලබා ගෙන කල පරීක්ෂා කිරීමක දී හෙළිවී ඇත්තේ පල්දන්වත්ත, මල්කඩුවාව, කුරුණෑගල ලිපිනයේ පිහිටා ඇති රෝයල් සිලෝන් ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම (කළින් වයඔ ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම ලෙස හදුන්වනු ලැබූ) හා සිනජි ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම විසින් පාරිභෝගිකයාට අලෙවි කරනු ලබන මත්පැන් වල ඓසොප්‍රොපනොල් හෙවත් ඓසොප්‍රොප්ය්ල් අඩංගුව පැවැති බවයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය..

තහනම් රසායනික ද්‍රව්‍ය යොදා මත්පැන් පෙරා පාරිභෝගිකයින්ට විකුණූ සමාගම් දෙක බේරා ගැනීම සදහා සුරා බදු දෙපාර්තමේන්තුවේ සූදානමක්!

පසුගිය කාලයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වෙළදපොලේ අලෙවි කිරීමට ඇති මත්පැන් වල නියදි ලබා ගෙන පරීක්ෂා කිරීමක් සිදුකරන ලදී. එහිදී හෙළිවූයේ පල්දන්වත්ත, මල්කඩුවාව, කුරුණෑගල ලිපිනයේ පිහිටා ඇති රෝයල් සිලෝන් ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම (කළින් වයඔ ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම ලෙස හදුන්වනු ලැබූ) හා සිනජි ඩිස්ටිලරීස්(පුද්ගලික) සමාගම විසින් පාරිභෝගිකයාට අලෙවි කරනු ලබන මත්පැන් වල Isopropanol හෙවත් Isopropyl අඩංගුව පැවැති බවයි. මෙම රසායනිකය නිවසේ භාණ්ඩ සෝදා ගැනීමට හා සනීපාරක්ෂක කටයුතු සදහා(වැසිකිලි පිරිසිදු කිරීම සදහා) භාවිතා කරනු ලබන රසායනිකයක් වන අතර එය මිනිස් ශරීරයට හානිකර දායක රසායනිකයකි.

කොරෝනා රෝගයෙන් වැලකී සිටීම අත් පිරිසිදු කරන විෂබීජ නාශක නිෂ්පාදනය කිරීම සදහා මෙරට ආනයනය කරනු ලබන Isopropanol හෙවත් Isopropyl නැමැති රසායනිකය භාවිතා කරමින් මධ්‍යසාර නිෂ්පාදනය කිරීම ලාභ දායක වන අතර මධ්‍යසා නිෂ්පාදනය සදහා සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන එතනෝල්වලට වලට වඩා මෙම රසායනිකයේ මිල අඩුය. ඒ නිසාම අදාල සමාගම් හිතාමතාම මෙම රසායනිකය භාවිතා කරන බව විශ්වාස කල හැක.

අදාල සිදුවීම පිළිබදව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කල අතර සුරා බදු දෙපාර්තමේන්තුව විසින් අදාල සමාගම් දෙකට සීල් තබා උක්ත සමාගම් දෙකේ නිෂ්පාදන නැවත කැදවීම සදහා නියෝග නිකුත් කරන ලදී. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව අදාල සමාගම් දෙකේ නිෂ්පාදන පිළිබදව පාරිභෝගිකයා දැනුවත් කලේ නැත. එසේ දැනුවත් කලා නම් පාරිභෝගිකයාට අදාල භාණ්ඩ මිලදී නොගෙන සිටීමට හැකියාව තිබුණි.

මෙම සමාගම් දෙක රජයේ හිටුපු අමාත්‍යවරයෙකුට අයිති සමාගම් බවට සමහර මාධ්‍ය වාර්තා කරන ලදී. ඒ නිසාම සුරාබදු දෙපාර්තමේන්තුව මෙම සමාගම් දෙකට යම් කිසි සහයෝගයක් ලබා දෙන බව අප සංවිධානයේ විශ්වාසය වන අතර පාරිභෝගිකයින්ට විස රසායනික යොදා මධ්‍යසාර අලෙවි කල සමාගම් දෙකට නීතියෙන් රිංගායාමට අප කිසිවිටකවත් අවස්ථාව ලබා දෙන්නේ නැත.

අදාල සමාගමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා සහ අදාල සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීම කරන තෙක් අප බලා සිටින අතර එසේ නොකළහොත් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණය වෙත යාම සදහා අප සංවිධානය කටයුතු කරන බවද මෙරට පාරිභෝගිකයාට වසවිස පොවන මත්පැන් නිෂ්පාදනාගාර පිළිබදව මීටත් වඩ විමසිල්ලෙන් සිටින ලෙසද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අප ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More