ඊයේ(7) දවස ඇතුලත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන විශ්ලේෂකයෙකු අප වෙත පවසා සිටියේ,
“21 වන ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීම සිදුවන බව පැවසෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ තම ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී නැවත ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කටයුතු කිරීමේ උවමනාවෙන් මෙසේ ධූරයෙන් සමු ගැනීමට නියමිත බව තමයි එම පුවත් වල යටි පෙල පවසන්නේ.එය වැරදි නිගමන මත එළඹ ගොඩ නැගූ අතේ රෝලක්. කෙනෙකුට අවශ්‍යය වුවත් කඩිමුඩියේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත නොහැකියි. එය කල් ගතවන දීර්ඝ ක්‍රියාදාමයක්. අනෙක් අතට 21 පැරැද්ද වීමට අවශ්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද සංඛ්‍යාවෙන් 60කට වඩා වැඩි ඡන්ද ප්‍රමානයක් ඔහු විසින් සොයාගෙන අවසන් බව නිල නොවන වාර්තා පවසනවා. අනෙක් අතට බොහෝ සිවිල් සංවිධාන 21 හි ඇති භයංකාරත්වය සම්බන්ධයෙන් රට තුළ ජනමතයක් ඇති කරමින් යනවා. ඒ නිසා සිදුවීමට නියමිතව තිබෙන්නේ, බැසිල් සම්බන්ධ බොරු ප්‍රවෘත්ති නිර්මාණය වීම. ඊට සමාන්තරව බැසිල්ගේ බලය පාර්ලිමේන්තුව තුළ ක්‍රමයෙන් වර්ධනය වීමයි.
ඊට සමාන්තරව 21 හි ඇති ද්විත්ව පුරවසියන්ට අදාළ ප්‍රතිපාදන හැලී ගොස් රට බෙදීමට අවශ්‍ය ප්‍රතිපාදන සහිතව 21 පාර්ලිමේන්තුවට පැමිණීමයි. එම සංශෝධන සහිත 21 වන ව්‍යයවස්ථා සංශෝධනයට බැසිල්ගේ කණ්ඩායම එකඟ වීමට තිබෙන ඉඩකඩ ඉතා ඉහළයි. ශ්‍රීලංනිපයත්,සජබයත්, ජවිපෙයත් වෙනත් බෙදුම්වාදී මත නියෝජනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂත්එයට එකඟ වෙනවා. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම දැනටමත් 21ට එකඟයි. ඔවුන් ගෙන එන සමහර සාධනීය යෝජනා 21න් හැලී යාවි. එහෙත් ඔවුන්ගේ කණ්ඩායමත් ද්විත්ව පුරවසියන්ට අදාල ප්‍රතිපාදන රහිත 21ට අත එසවීමට ඇති ඉඩ කඩ ඉහලයි. දැනටමත් එම කණ්ඩායම නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග වැන්නවුන් 21ට පක්ෂ බව පවසා අවසන්. උදය ගම්මන්පිල 21 හි භයානක බව අඩු කිරීමේ උවමනාවෙන් ඒ වෙනුවෙන් පෙනී සිටින බව දැන්ටමත් පවසා අවසන්. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පක්ෂ 11 ලෙස පෙනී සිටිද්දී ඔවුන් සමඟ සිටිමින් ව්‍යාජ 21 ක් ගෙනා විජයදාස රාජපක්ෂ ඇමතිවරයා තමයි අද නියමම 21 ගෙන එන්නේ.
ඊට අමතරව ටිරාන් අලස් ඇමතිවරයාගේ නිවසේ තමයි 11 කණ්ඩායමේ සාකච්ඡා සියල්ල පැවත්වූවේ. ඒ අනුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තුළ 21 සම්බන්ධයෙන් මත ගැටුම් උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා අවසානයේ සිදුවීමට නියමිත රට බෙදන 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට , සාර්ථකව කරගෙන යන ආපදා අධිරාජ්‍යයවාදී දේශපාලනය ශ්‍රී ලංකාව දෙකඩ කරමින් අවසන් කිරීමයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...