නීතිවිරෝධීව මහ පරිමාණයෙන් ඉන්ධන ගබඩා කර සඟවාගෙන සිටි පුද්ගලයෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකි.
ඉන්ධන පිරවූ අදාළ බවුසර් රථය ද එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත.
අද (07) දින සපුගස්කන්ද ප්‍රදේශයේ දී පුද්ගලික ආයතනයක් තුළදී මෙම වැටලීම සිදුකර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
STF නිලධාරීන් පැවසුවේ අදාළ බවුසරය තුළ රුපියල් ලක්ෂ 14කට අධික ඉන්ධන තොගයක් එලෙස ගබඩා කර තිබූ බවය.
පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...