අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ දිසා අධිකරණය නියෝග කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාව ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීමේ තීරණය ජුනි 20 වනදා දක්වා අත්හිටුවීමටයි.
ඒ මහතා ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුරයක් භාරගැනීම නිසා ඒ මහතාව තම පක්ෂයේ සියලු තනතුරුවලින් නෙරපා හැරීමට ශ්‍රීලනිපය තීරණය කර තිබිණි.
කෙසේවෙතත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව තමන්ව එසේ තනතුරුවලින් ඉවත්කිරීමේ බලයක් පක්ෂ සභාපතිවරයාට, ලේකම්වරයාට හෝ මධ්‍යම කාරකසභාවට නොමැති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...