දේශීය පුවත්

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (ජූනි 7) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ, “21 පිළිබඳව ඉතා ම සරල ලෙස සියලු දෙනාගේ එකඟතාව එලෙසින් ම ලබා ගන්න ටිකක් අසීරුයි” යනුවෙනි.

මෙය තවම ත් සාකච්ඡා මට්ටමින් පවතින බව ත් ඒ පිළිබඳ උනන්දුව රජයට තවමත් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“ඊයේ විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා ඒ ඇති වෙච්ච සංශෝධන කෙටුම්පත අපිට කැබිනට් මණ්ඩල අවසානයේදී ලබා දුන්නා. ඒක අපේ අතට ලැබුණේ කැබිනට් මණ්ඩලය අවසානයේදී ඒ විවිධ දේශපාලන පක්ෂ නායකයින් සමග හුවමාරු වෙච්ච අදහස් අනුව කලින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයට තව ත් සංශෝධන එහි ඇතුළත් කරලා තිබුණා. ඒ පිළිබඳව ඊළග සතියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා ආරම්භ වෙයි කියලා අපි හිතනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More