දේශීය පුවත්

අන්තර්ජාල නාලිකාවක් සමග සිදු කළ සාකච්ඡාවකට එක්වෙමින්, පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබා දුන්නේ පොදුජන පෙරමුණේ බහුතරය මතය විමසා නොවන බව පැවසුවේය.

එහිදී මාධ්‍යයවේදියා නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් “පසුගිය කාලය මුළුල්ලේම පොදුජන පෙරමුණේ සහ ආණ්ඩු පක්ෂයේ පිරිස් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගනිමින් සිදුකළ චෝදනා තිබුණා. මහ බැංකුව මහ දවල් බිඳදැමූ හොරා ලෙස අපහාස උපහාසට වික්‍රමසිංහ මහතා ලක් කළා. චෝදනාව එල්ල කළ පාර්ශවයම බලයේ සිටියදී නැවත වතාවක් රටේ අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කොට මහ බැංකුව ඇතුළු විෂයන්ද ඇතුළුව මුදල් අමාත්‍ය ධූරය ද ප්‍රදානය කළා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් කිරිමේ තීරණය ජනාධිපතිවරයා විසින් තනි කැමැත්තට ගනු ලැබූවක්.එදා මහ බැංකුව බිඳ දැමූ බවට චෝදනා එල්ල කළ රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි බවට විශ්වාසයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබෙනවා.” යනුවෙන් පැවසුවේය.



One thought on “මහ බැංකුව මහ දවල් බිඳ දැමූ බවට චෝදනාවට ලක් වන රනිල් වික්‍රමසිංහට ආර්ථිකය ගොඩ දැමිය හැකි යැයි විශ්වාසයක් ජනාධිපති තුමාට තිබෙනවා- පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත්”

  1. Construction companies do undertake demolition as well by implosion or explosion.D stands for Development and Destruction

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More