මෙරට වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිත අතර එහිදී අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය බදු මුදල සපයා ගැනීම සඳහා රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
රටේ වත්මන් තත්ත්වය පිළිබද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
ඊට අදාළ විවාදය හෙට (08) දිනය දක්වා පැවැත්වීමට නියමිත අතර ණය සීමාව රුපියල් ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සඳහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව විවාදයකින් තොරව අනුමත කර ගැනීමට ද නියමිතව තිබේ.
ජුනි 09 වන දින ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සහ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පස්වරු 4.30 දක්වා විවාද කිරීමෙන් පසු සම්මත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
මේ අතර අග්‍රාමාත්‍යවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය ද වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...