නීතිපතිවරයා විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ අද (ජූනි 6) මෝසමක් ගොනු කරමින් පවසා සිටියේ අධිකරණ නියෝගයක් මත රඳවා ගෙන සිටින රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සඳහා අදාළ නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙසට ඉල්ලා සිටින බවයි.
නීතිපතිවරයා විසින් අදාළ මෝසම ගොනු කරනු ලැබීමට හේතුවී ඇත්තේ එම ගුවන් යානයේ සිටි මගීන්ට සිදුවූ අපහසුතාව, ජාතික ආර්ථිකයට ඇතිවූ හානිය සහ අදාළ අධිකරණ තීන්දුව පිළිබඳව ඇති නීතිමය පසුබිම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය පිළිබඳ අවධානය යොමු කරවීමට බවද වාර්තාවේ.
කෙසේ වුවද අදාළ නඩුව ජූනි 8 වනදා කැඳවීමට නියමිතව තිබිණි.
කොළඹ වාණිජ මහාධිකරණය විසින් එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් අදාල ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපොළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම අත්හිටුවමින් නියෝගයක් ලබා දීම නිසා එම ගුවන් යානය ජූනි 2 වන දා දහවල් සිට කටුනායක ගුවන්තොටුපොළෙහි නවතා දමා තිබේ.
රුසියානු එයරෝෆ්ලොට් ගුවන් සේවයේ එස්යු288 දරණ ගුවන් යානය ජූනි මස දෙවේන්දා උදෑසන 10.10ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ එදිනම දහවල් 12.50ට යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණද කොළඹ වානිජ මහාධිකරණය මගින් ලැබුණු තහනම් නියෝගය හේතුවෙන් එහි ගමන අවලංගු කරණු ලැබීය.
එළබුණු අර්බුදකාරී තත්වය හමුවේ එරොෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය වාණිජ ගුවන් ගමන් වාර අත්හිටුවීමට පියවර ගත්තේ ය.
එයින් නොනැවතුනු එරොෆ්ලොට් ගුවන් සේවය, කොළඹ වෙත පැමිණෙන ගුවන් ගමන් සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය තාවකාලිකව නවතා දැමීමට ද පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...