දේශීය පුවත්

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය මෙම මස 30 වැනිදායින් වත්මන් අවසන් වීමට නියමිත බව වාර්තාවේ. ඔහුගේ ධූර කාලය අවසන් වීමෙන් පසුව ජනාධිපති විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීම හෝ වත්මන් අධිපතිවරයාගේ ධුර කාලය නැවත දීර්ඝ කිරීම සිදු කළ යුතුව ඇති බවද කියවේ.
කෙසේ වුවද මහ බැංකුවට නව අධිපතිවරයකු පත්කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත නිර්දේශය ජනාධිපතිවරයාට ලැබිය යුතුව ඇති අතර ඒ අනුව මුදල් ඇමති ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුදුසු අයෙක් නම් කළ යුතුය.

මහ බැංකුවෙන් ලැබෙන වාර්තා වලට අනුව මහ බැංකු අධිපතිවරයකුගේ නිල කාලය වසර හයක් වන අතර වත්මන් අධිපතිවරයා ගත කරමින් සිටින්නේ 2016 වසරේ පත් කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ නිල කාලයේ අවසන් මාසය බවද කියවේ.

කුමාරස්වාමි මහතා සිය නිල කාලය අවසන් නොකර ධුරයෙන් ඉල්ලා අස්වූ පසු ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් යන අයද මහ බැංකු අධිපතිවරැන් ලෙස කටයුතු කළ අතර ඔවුන් ගත කරණු ලැබුවේ කුමාර්ස්වාමි මහතාගේ ධුර කාලයේ ඉතිරි කාලය බවද කියවේ.

ඒ අනුව නන්දලාල් වීරසිංහ මහතා මේ වන විට ගත කරන්නේ 2016 සිට 2022 දක්වා වූ මහ බැංකු අධිපති ධූරයේ සය වසරක නිල කාලයේ අවසන් මාසයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More