ශ්‍රී ලංකාව නරකම අවස්ථාවට තවම මුහුණ දී නොමැති බව පවසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , එළඹෙන දුෂ්කර කාලයට මුහුණ දීමට සුදානම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසීය.
සිකුරාදා(03) කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් අග්‍රාමාත්‍යයවරයා සහතික වූයේ ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හඳුන්වා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, සියලු මිත්‍ර ජාතීන්ගෙන් මූල්‍ය අවශ්‍යතා ලබා ගන්නා බවත්ය.
මේ වර්ෂයේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසය දක්වා රටේ ආහාර සැපයුම ප්‍රමාණවත් බව පැවසූ අගමැතිවරයා ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීමට රජය උත්සාහ කරන බවද පැවසීය.
පොහොර ලබා ගැනීමේ උත්සාහය සාර්ථක වුවහොත් ලබන වසරේ පෙබරවාරි මාසය වන විට රට ස්වයංපෝෂිත වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
“මේ කාලය තුළ සිදුවීමට නියමිත මොනවාද ? ආර්ථිකය අසාර්ථක වන විට, වැඩි වැඩියෙන් රැකියා අහිමි වේවි, තව තවත් ව්‍යවසායන් කඩා වැටේවි. අපි රටක් ලෙස ගමන් කරන්නේ මේ දිශාවටයි.” ඔහු අනතුරු ඇඟවීය.
මිනිසුන්ට දිනකට තුන්වේල සොයා ගැනීමට නොහැකි විය හැකි බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කුසගින්නෙන් මිදීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.
“අපට මේ වසර තනිවම ගත කළ නොහැක,” යනුවෙන් පැවසූ අගමැති වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ රටවල් වෙත නැවත ළඟා විය යුතු බව අවධාරණය කළේය.
ඉන්දියාව සහ චීනය ආධාර ලබා දීම සඳහා ඉදිරිපත් වීම ශ්‍රී ලංකාවේ වාසනාවක් බව පැවසූ අග්‍රාමාත්‍යයවරයා අපි දැන් ජාතියක් ලෙස බටහිර රටවල් දෙස ද බැලිය යුතු බවද අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති වික්‍රමසිංහ මහතා, පොලී අනුපාත ඉහළ නැංවීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇති කර ඇති බලපෑම වැනි අර්බුදකාරී තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එල්ල වන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින්,රටේ පවතින තත්ත්වය අනුව මෙය ස්වාභාවික බව පැවසූවේය. කෙසේ වුවද මහ බැංකු ප්‍රතිපත්තියේ බලපෑම් දිගටම පැවතුනහොත් තමන් මැදිහත් වන බවට සහතික විය.
“මට [මහ බැංකුවට] මැදිහත් වීමට අවශ්‍ය නැහැ, මක්නිසාද යත් ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනව මුදල් ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමට ඉඩ දෙන්නේ නම් තත්වය සමනය කළ හැකි බවට මහජනයා තුළ විශ්වාසයක් ඇති බැවිනි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...