දේශීය පුවත්

මෙරට ඉදිකිරීමට නියමිත මෙගාවොට් 500ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා දේශීය සමාගම් නොසලකා හරිමින් ඉන්දියාවේ අදානි සමාගම සමග එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වෙයි.මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය සමාගම් ඇමරිකානු ඩොලර් ශත 5කටත් අඩු ලංසු මුදලක් ඉදිරිපත් කර තිබීය දී ඉන්දියාවේ අදානි සමාගම ඉදිරිපත් කර ඇති ඇමරිකානු ඩොලර් ශත 7.55කට අනුමැතිය ලැබී ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඇති හොඳම සුළං බල භූමි දෙකක් වන මන්නාරම සහ පුනරීන් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම මෙගාවොට් 500 සුළං බලශක්ති ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. අදාළ අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ව්‍යාපෘති අනුමැති කමිටුව හෙට (06 වැනිදා) අදාළ නිලධාරීන් හමුවීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති හෙයින් තම අධිකාරියේ ව්‍යාපෘති අනුමැති කමිටුව ඊට අදාළ මූලික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි.

ප්‍රභාත් විතාන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More