දේශීය පුවත්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) වෛද්‍යවරුන් කනගාටුදායක සොයා ගැනීමක් කර ඇති වාර්තාවේ. එම වෛද්‍යයවරුන් කරනු ලැබූ අධ්‍යයනයකට අනුව රෝහලට ඇතුළත් කරන ලද ළමුන්ගෙන් 20% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළි වී ඇතයි වාර්තාවේ.

රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මන්දපෝෂණයට හේතුව පවතින ආර්ථික අර්බුදය හා ආහාර හිඟය ලෙස දැක්විය හැකි නමුත් දරුවන්ට වැඩිපුර එළවළු ආහාරයට ලබා දෙන්නේ නම් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකි බවයි.

“පසුගිය සතියේ අපි රෝහලේ වාට්ටු අංක 02 හි ළමුන් 53 දෙනෙකු පරීක්ෂා කළා. ඒ අතරින් වාට්ටුවේ දරුවන්ගෙන් 20%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අපට දැනගන්නට ලැබුණා. ඔවුන්ගෙන් අඩක් උග්‍ර මන්දපෝෂණයෙන් පීඩා විඳිමින් සිටි අතර මෙය ජාතියක් ලෙස අභියෝගාත්මක තත්ත්වයක්.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පෙරේරා මහතා පැවසුවේ දරුවන්ගේ බර සහ උස අතර අනුපාතය පරිසාධන මට්ටමට වඩා අඩු බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදු කළ බවයි.

“මෙයට හේතු වාන්නේ දරුවන්ට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ විටමින් අවශ්‍ය ප්‍රමාණයෙන් නොලැබීමයි. දරුවාගේ වයස මාස 6 ඉක්මවූ පසු දරුවාට පෝෂණය ලබා දීමට මව්කිරි ප්‍රමාණවත් නොවන බැවින් වෙනත් ආහාර ද්‍රව්‍ය හඳුන්වා දිය යුතුයි.” වෛද්‍යයවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More