දේශීය පුවත්

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසලදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ විරෝධයක් ඇමැතිවරයා විරෝධතාකරුවන්ට මුහුණ නොදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වාහනයකින් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් පිටව ගියේය.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආහාර භෝග නිෂ්පාදනය ජාතික සංග්‍රාමය හම්බන්තොට දිස්ත්‍රික් වැඩ සටහනට සහභාගාගී එම උත්සවය අමතද්දී ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට ආ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ගොවි නියෝජිතයෝ මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමැතිවරයාට විරෝධය පලලකරමින්, යල් කන්නයේ වගා සඳහා පොහොර ලබාදෙන ලෙසද, ගොවීන් සඳහා ඉන්ධන ලබාදෙන ලෙස හා මඤ්ඤොක්කා දන්ඩක් හිටවාගෙන කන්න කියා සිදුකල ඇමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පලකරමින් පුවරු අතැතිව විරෝධය පලකලහ.

රැස්වීම අවසන් වී ඇමැතිෙවරයා ප්‍රධාන දොරටුවෙන් පිටව යන තෙක් මාර්ගය අසල විරෝධතා කරුවන් රැඳී සිටි අතර අම්බලන්තොට පොලීසියේ නිළධාරීන් රැසක් ද ආරක්ෂාව සඳහා යොදවා තිබිණි. විරෝධතා කරුවන්ට නොදැනෙන ලෙසට ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් වෙනත් වාහනයකින් පිටව ගොස් තිබූ අතර නිළ රථය ඉදිරිපස දොරටුවෙන් වෙනත් කිහිප දෙනෙක් සමඟ පිටවනු දුටු විරෝධතා කරුවෝ කියා සිටියේ හම්බන්තොට ගොවීන්ට මුහුණ දීමට බැරි කෘෂිකර්ම ඇමැතිවරයා පිටිපස්සේ දොරෙන් පිටව යෑම පිළිකුල් හා ලැජ්ජා සහගත බවයි.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More