පුරවැසි කොලම

යුක්‍රේන – රුසියා යුද්ධය නිසා රුසියානු ගුවන් යානා රක්ෂණය කිරීම ගෝලීය රක්ෂණ සමාගම් නවතා දමනවා. මන්ද ගුවන් යානයකට සිදුවන කුඩා හෝ හානියක් ප්‍රතිපූර්ණය කිරීම ඉතා මිල අධික ගණුදෙනුවක්.

* රුසියානු ගුවන් යානා කිහිපයකට ගුවන් යානා ලීසිං සමාගම් කිහිපයකින්ද ගැටලු පැන නගිනවා. ඒවායේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙනවා.

* මේ හේතුවෙන් රුසියාව සිය ගුවන් ගමන් සීමා කරනවා. එම තීරණය නිසා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ගුවන් යානාත් ගමන්වාර නවතනවා.

* එම තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වනවා. මන්ද මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණියේ රුසියාවෙන්.

* ඒ නිසා මෙරට රජයේ ඉහළම බලධාරීන් (විධායක ජනපති, එවකට අගමැති මහින්ද රාජපක්ෂ සහ උදයංග වීරතුංග ඇතුලු පිරිස්) රුසියානු ජනපතිවරයා ඇතුලු ඉහළම බලධාරීන්ට පුද්ගලිකව කතා කරනවා. රුසියානු ගුවන් යානා වල ආරක්ෂාව මෙරටදි තහවුරු කරන බවට පොරොන්දු වෙනවා. යළි ගුවන් වාර අරඹන ලෙස ඉල්ලා සිටිනවා.

* එම වචනයට ගරු කරලා, ශ්‍රී ලංකාවෙන් ලැබුනු සහතිකය නිසා රුසියානු බලධාරීන්ගේ මැදිහත් වීමෙන් රුසියානු ගුවන් ගමන් නැවත ශ්‍රී ලංකාවට ඇරඹෙනවා.

* එම ගුවන් යානා වල ඔවුන් වෙනම ඉංජිනේරු කණ්ඩායමක් පවා එවනවා. එතරම් ගුවන් යානා වල ආරක්ෂාව පිළිබඳ ඔවුන් සැලකිලිමත් වෙනවා.

* සිය සමාගමට ලීසිං ගෙවිය යුතු රුසියානු යානාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව දකින අයර්ලන්ත සමාගමක් කල් යල් බලා මෙරට වාණිජ අධිකරණයේ නඩු පවරනවා.

* මෙය වාණිජ අධිකරණ කටයුත්තකට වඩා ශ්‍රී ලංකා රජය සහ රුසියානු රජය අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක්. නමුත් අපේ වාණිජ අධිකරණය ඉතා පහසුවෙන් රුසියානු ගුවන් යානය රඳවා ගන්න නියෝගයක් නිකුත් කරනවා.

* මේ තීරණයෙන් ශ්‍රී ලංකාවට සත පහක් දෙයක් ලැබෙන්නේ නෑ, වාසිය අයර්ලන්ත සමාගමට. නමුත් ශ්‍රී ලංකාවට අහිමි වීම් අතිශය විශාලයි.

* මේ තීරණය ගැන අධිකරණය රජයෙන් විමසන්නේ නෑ. රජයට දන්වන්නේ නෑ. ආර්ථික අර්බුධයක් පවතින සමයක රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් ඇතිවිය හැකි තීරණයක් ක්ෂනිකව නිකුත් කෙරෙනවා.

* වෙනදාට අතිශය මන්දගාමී අධිකරණයේ පිස්කල් ඉතා වේගයෙන් කටුනායක පාලන මැදිරියට ගොස් ගුවන් යානය නවතනවා. එය ඉතා සැකසහිතයි. මෙම පිස්කල්වරයා ගුවන් යානය රඳවා ගැනීමට ඉතා කෙටිකලක් තුල වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔහු කටුනායක පාලන මැදිරියට කඩා පැන තර්ජනය කර තිබෙන බව කියවෙනවා.

* මේ ක්‍රියාදාමය නිසා ශ්‍රී ලංකාවේ රජය රුසියාවට දීපු වචනය, පොරොන්දුව කඩ වෙනවා. අපේ රජයේ ඉහළම බලධාරීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා. ශ්‍රී ලංකාව රුසියාව ඉදිරියේ ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැහෙනවා.

* තමන්ගේ යානයක් වෙන රටකදි රඳවා ගත්තාය යන කලු පැල්ලම රුසියාවට එකතු වෙනවා. එය ඔවුන් දරුණු ලෙස සලකාවි.

* ආර්ථික අර්බුධයක් පවතින අවස්තාවේ ශ්‍රී ලංකාවට වැඩිපුරම සංචාරකයො එන රටේ සංචාරකයො නවතිනවා.

* ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම තේ අපනයකරු රුසියාව. ඉදිරියේදි රුසියාවට යවන තේ වලින් කෘමියෙක් හමුවුනොත් පුදුම වෙන්න එපා.

* තහනම් මැද්දේ අපිට බොරතෙල් එවන රට රුසියාව. ඒ සහන අහිමි වෙනවා.

* ආර්ථික අර්බුධයක් මැද්දේ අපිට උදව් ඉල්ලීමට තිබූ තවත් රාජ්‍යතාන්ත්‍රික මිත්‍ර රටක් අපිට අහිමි වෙනවා. විදෙස් විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා.

* නිළි දමිතා අබේරත්න පසුගියදා කියනවා අධිකරණය විධායකයට ඉහළින් සිටිය යුතුයි කියලා. මේ එහෙම ඉදලා දීපු තීරණයක්. මේ පසුගිය කාලය පුරාවටම මේ වගේ නිළියො, යුටියුබ්කාරයො හදපු මත අනුව ක්‍රියාත්මක වෙන දේවල්. මරු.

* මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථිකමය කරුණකට තීරණයක් ලබා දීමට පෙර රජයෙන් විමසන්න තිබුනා. නමුත් එසේ වුනේ නෑ. විධායකය විදෙස් රටකට දුන් පොරොන්දුවක් අධිකරණය විසින් කඩ කරනවා.

* තවමත් මේ ගුවන් යානයේ ගුවන් ගතවීමට සිටි මගීන් 190ක් මෙරට හෝටලයක නැවතී සිටිනවා. නඩුව 8 දක්වා කල්ගොස් තිබෙනවා. කල් යන දිනයක් පාසා එම 190 දෙදෙනාට ශ්‍රී ලංකාවේ රැඳිසිටීමට වෙනවා.

මේ තීරණය අපිට දරුණු ප්‍රතිවිපාක ලබා දීමට සමත් වේවි.
©ishan jayasooriya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More