සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කරනු ලැබුවේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් බවට එල්ල වන චෝදනාව පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
”උදය ගම්මන්පිල මහත්තයත් කියනවා එම කෙටුම්පත හැදුවේ තමා කියලා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඔහුට පැවසූ බව. එහෙම නැතත් එම කෙටුම්පතේ අඩංගු සංශෝධනයකින් පැහැදිලි වෙනවා ඒ තුළ පවතින බෙදුම්වාදී අරමුණු. එම කෙටුම්පත මගින් යෝජනා කරනවා 154 (E) වගන්තියෙ 2 සහ 3 උප වගන්ති ඉවත් කරලා ආණ්ඩුකාරයාගේ බලය දුර්වල කරන්න. ඔවුන්ට ඉඩම්, පොලිස් සහ මහ ඇමති අරමුදල් ප්‍රඥප්ති සම්මත කරන්න බැරිවෙලා තියෙන්නේ ආණ්ඩුකාරවරයාගේ බලතල නිසා.
13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න ආණ්ඩුකාරයාගේ බලය දුර්වල කරන්න ඕන. තවත් ඒ වගේ වගන්ති දෙකක් තියෙනවා 154 (B) සහ 154 (G) වල. කෙටුම්පතට 154ක (E) වගන්තිය ඇතුල් කරලා තිබුනම කාරක සභා අවස්ථාවේදී එම සංශෝධන ඇතුළු කිරීම පහසුයි. ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ බලයට යටත් උනාට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ නොහැකි ලෙස බාධක දැම්ම. දැන් සජිත් ප්‍රේමදාස ඒ බාධක ඉවත් කරන්න සූදානම් වෙනවා. ජේ.ආර්. ද්‍රෝහියෙක් නම් සජිත් ඊට වඩා බරපතළ ද්‍රෝහියෙක්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...