අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින බව වාර්තාවේ.
මෙසේ මතභේදාත්මක තත්වයක් ඇතිවීමට හේතුවී ඇත්තේ රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් සිදු නොකරන බවට රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන් අතර මේ වන විටත් ලිඛිත එකඟතාවයකට පැමිණ තිබීම බවද රජයේ අභ්‍යයන්තර වාර්තා වලින් පැවසේ.
මේ වන විට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේ රුසියාවයි. එමෙන්ම එළඹෙන ශීත සෘතුවේදී රුසියානු සංචාරකයන් ලක්ෂ 04 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීමට සැළසුම් කර තිබූ බව ද එරෝෆ්ලොට් ගුවන් සේවා සමාගමේ ප්‍රකාශකවරයෙක් මාධ්‍යය වෙත කරුණු දක්වමින් පැවසුවේය .
රුසියාවේ සිට පැමිණි මතභේදයට තුඩු දුන් ගුවන් යානයෙන් ද රුසියානු සංචාරකයන් 250 ක පමණ පිරිසක් පැමිණ සිටි බව ද ඔහු සදහන් කළේය .
එමෙන්ම මෙම රුසියානු එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත සෘජු ගුවන් ගමන් සිදු කරයි.
එම ප්‍රකාශකවරයාට අනුව මේ ආකාරයට ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පැමිණීම මගින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබීම සහ දිගුකාලීන මිත්‍රශීලී රාජ්‍යයක් වන රුසියාව සමග මතභේදාත්මක වාතාවරණයක් ඇති කර ඒ තුළින් දෙරට අතර සමීප සබදතා බිද දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බව තහවුරු වේ.
මෙම ගුවන් යානය ඇතුළු තවත් ගුවන් යානා රාශියක් අයර්ලන්ත රක්ෂණ සමාගමක් මගින් රක්ෂණය කර තිබූ අතර , හදිසියේම ඇති වූ යූක්‍රේන – රුසියා යුධ ගැටුම් නිසා එම සමාගම වෙත රක්ෂණ වාරික ගෙවීම දුෂ්කර වී ඇති අතර මෙයට විසදුමක් ලෙස එරොෆ්ලොට් ගුවන් සේවය , රුසියාවේ රක්ෂණ ආයතනයක් මගින් මෙම ගුවන් යානා සියල්ල ප්‍රතිරක්ෂණය කර තිබේ.
ඒ අනුව අයර්ලන්ත රක්ෂණ සමාගම වෙත වාරික ගෙවීම අත්හිටුවීමත් සමග ඔවුන් මේ පිළිබඳව කොළඹ වානිජ මහාධිකරණය වෙත පැමිණිළි කර තිබේ .
කෙසේ වුවද මෙම නඩු කටයුත්තට සම්බන්ධ නීතීඥයන් කීප දෙනකු ඊයේ දින දහවල් ඉතා කඩිමුඩියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , මෙම වාරණ නියෝගය බාර දීමට මෙම ගුවන් යානයේ නියමුවන් ද සොයා තිබූ අතර පසුව මෙම නියෝගය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
මෙසේ රදවා ගැනීමට ලක් වී ඇති එයා බස් A330 වර්ගයේ ගුවන් යානය මේ වනවිට හත් වතාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපල වාර්තා පවසයි.
එකී ගුවන්යානය රක්ෂණය කර තිබූ සිංගප්පූරු සමාගම විසින් රක්ෂණ වාරික ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණය පසුගිය 2 වැනිදා ගුවන්යානය ලංකාවෙන් පිටවීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි.
කෙසේ වුවද ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති අන්තර්ජාතික සම්මුතීන් හා ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම රටක ගුවන්යානයක් ගොඩබැස්සවීමට හා පිටව යෑමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකීම බැඳී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නියෝග ලබාදීමේ අධිකරණ බලයක් වාණිජ මහාධිකරණයට නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා දැක්වූ කරුණුවලට පිළිතුරු දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට හෝ ශ්‍රී ලංකා රජයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් කිසිදු වාරණ නියෝගයක් නිකුත් කර නැතැයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (03 දා) විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා පවසා සිටියේ අධිකරණය විසින් පසුගිය 2 වැනිදා රුසියානු ගුවන්යානය රඳවා තබාගන්නා ලෙසට පැනවූ වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බලමින් එකී ගුවන්යානය හිමි සමාගමේ ශ්‍රී ලංකා හා ඉන්දියා කලාප භාර ප්‍රාදේශීය කළමනාකරුට පමණක් බවයි.
අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගය අධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් දුරකථන මාර්ගයෙන් එම නඩුවේ දෙවන වගඋත්තරකරු ලෙස නම්කොට ඇති කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වන එන්. සී. අබේවර්ධන මහතාට දැනුම්දී ඇති බවත් පසුව පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකු සමඟ පැමිණි අධිකරණ පිස්කල් නිලධාරියා ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වෙත එකී වාරණ නියෝග භාරදී ඇති බවත් සුමති ධර්මවර්ධන මහතා එහිදී අධිකරණයට පැවසීය.
එවැනි නඩු කටයුත්තකදී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයකු මෙන්ම දෙවන විත්තිකරු වන කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රධාන සංතරණ නිලධාරීවරයා වන එන්. සී. අබේවර්ධන මහතා වෙත එවැනි නියෝගයක් භාරදීමේ නීතිමය හැකියාවක් නොමැති බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ජේෂ්ඨ නීතිඥයෙකු පවසා සිටියේ,වගඋත්තරකාර පාර්ශ්වයේ කරුණු සළකාබැලීමකින් තොරව ඒකපාර්ශ්විකව අධිකරණය විසින් නිකුත්කොට තිබූ එම වාරණය නිසා මඟීන් 235 දෙනකු ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි එම ගුවන්යානය පසුගිය 2 වැනිදා මඟීන් 191 දෙනකු රැගෙන යළි මොස්කව් නගරය බලා යෑමට සූදානම්ව තිබියදී එකී වාරණය නිකුත්කොට ඇති හෙයින් අධිකරණයේ එකී නියෝගය නිසා එකී මඟීන් 191 දෙනාට හා කාර්ය මණ්ඩලයට අවට පිහිටි හෝටල්වල නවාතැන් සැපයීමට ගුවන් සමාගමට සිදුවී ඇති බවත්ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...