පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත පමණක් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැකි වනපරිදි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වගන්තියක් ඇතුළත් කිරීමට පක්ෂ නායකයින් එකඟතාවකට පැමිණ තිබේ.
මෙම තීරණය ගෙන තිබුණේ අද (03) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.
දැනට ජනාධිපතිවරයාට අභිමත අමාත්‍ය ධුර සංඛ්‍යාවක් දැරීමට ඇති බලය අහෝසි කිරීමටත්, අමාත්‍ය ධුර පිරිනැමේදී අගමැතිවරයාගේ එකඟතාව ලබාගැනීමත් නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බවටත් මෙහිදී පක්ෂ නායකයින් එකඟතාව පළ කර තිබේ.
යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකයින් අතර සකච්ඡාව අද පස්වරුවේ පැවැත්වුණි.
එමෙන්ම ඒ ඒ පක්ෂවලින් 21 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණි.
මේ අතර නව ලංකා නිදහස් පක්ෂය ද 21 වන සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ.
එම පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අත්සනින් යුතුව අගමැතිවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙන්නේ 21 වන සංශෝධනයට සහයෝගය ලබාදෙන බවය.
මේ අතර එළඹෙන සඳුදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...