දේශීය පුවත්

රුසියානු ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත රඳවා ගැනීම හෝ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ලංකා ලිඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ අධිකරණ තීන්දුවක් නිසා නීතියානුකූලව සිදුවන බව පිළිගත හැකි බවය.

එහෙත් අධිකරණයට නිසි කරුණු දැක්වීමක් සිදු නොකර එසේ නැතහොත් එසේ කරුණු දැක්වීම මෙන්ම වීම වැළැක්වීම හෝ අධිකරණයේ නියෝගය අනුව කටයුතු නොකිරීම මගින් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

මෙම ආපදා තත්වයදී ශ්‍රී ලංකා රුසියානු සබඳතා බිඳ වැටීම මගින් තවදුරටත් අර්බුදය උග්‍ර වන බව කුඩා ළමයෙකුට වුවද තේරුම් ගත හැකි බව සහ ඒ අනුව යම් කූඨ ක්‍රියාවලියක් මඟින් අධිකරණය පවා නොමඟ යවා ශ්‍රී ලංකාව දනගැස්වීම ක්‍රියාන්විතයේ තවත් මෙහෙයුමක් දියත් වූවාද යන සැකය බැහැර කල නොහැකි බව ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More