දේශීය පුවත්

මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇති අතර පසුගිය 2021 මුලු වසරේදීම නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 382, 506 ක් පමණක් බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසක් විදෙස්ගත රැකියා සඳහා යොමුව තිබීම හේතුවෙන් මේ ආකාරයෙන් ගුවන් බලපත්‍ර සකස් කර ගැනීමට යොමුව තිබෙන බව ඇය පැවසුවාය.

මෙම වසරේ (2022) ජනවාරි මාසයේ පමනක් බලපත්‍ර 52,278 ක් ද, පෙබරවාරි මාසයේදී 55 381 ක්, මාර්තු මාසයේදී 74 890ක්, අප්‍රේල් මාසයේදී 53151 ක් සහ මැයි මාසයේදී 52 945 ක් වශයෙන් විදෙස් ගමන් බලපත්‍ නිකුත් කර ඇති බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කළාය.

එක්දින සේවා මගින් විදෙස්ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලයේදී පමණක් සිදුවන අතර දෙපාර්තුමේන්තු ප්‍රධාන කාර්යාලය අවට කිලෝමීටර් ගණනක් දුරට පෝලිම් දක්නට ඇත්තේ දින වේලා වෙන් කර නොගත් පිරිස් නිසා බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ කටයුතු සදහා පැමිණෙන පිරිස් දින වේලා වෙන්කරගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

දින වේලා වෙන්කරගැනීම් අනුව දෛනිකව 1500කට වැඩි පිරිසකට සේවා සපයන බවත් මාධ්‍ය ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More